චීන ආයෝජන වැඩි වන ලකුණු!

Date:

රෂිකා හෙන්නායක මැයි 30, කොළඹ LNW:

මෙරට පැමිණ සිටින චීන මහජන  සමූහාණ්ඩුවේ වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය වං වෙන්ටාඕ  මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී සාකච්ඡා කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, මේ වන විට ශ්‍රී ලංකාව තුළ පවතින දේශපාලන සහ අර්ථික ස්ථාවරත්වය සහ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගෙන යන විනිවිදභාවයෙන් යුත් වැඩපිළිවෙළ හමුවේ චීන ආයෝජකයන් ශ්‍රී ලංකාවේ ආයෝජන කිරීමට වැඩි කැමැත්තක් දක්වන බව චීන මහජන  සමූහාණ්ඩුවේ වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා එහිදී සදහන් කළ බවයි.

ආයෝජකයන් 100කට වැඩි පිරිසක් සමඟ  සිදු කෙරෙන සංචාරය තුළින් දෙරට අතර ආර්ථික සහයෝගීතාව තවදුරටත් තහවුරු වන බවද ඔහු එහිදී පවසා ඇත.
 

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, අභියෝගාත්මක සමයක දෙරටටම වාසි සහගත අයුරින් වෙළෙඳ සහ ආර්ථික අරමුණු ජය ගැනීමට එක්ව කටයුතු කිරීම පිළිබඳවද එහිදී සාකච්ඡා වූ බවයි .

ගෝලීය ආර්ථික අස්ථාවරත්වය හමුවේ  ශ්‍රී ලංකාවට අවශ්‍ය  සහාය ලබා දීමට චීනය කැප වී කටයුතු කරන බවද  චීන වාණිජ අමාත්‍යවරයා එහිදී සදහන් කර තිබෙන බව වාර්තා වේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පසුගිය චීන සංචාරයේදී ඇති කරගත් එකඟතා ක්‍රියාවට නැංවීම චීන වාණිජ අමාත්‍යවරයාගේ මෙම සංචාරයේ අරමුණක් වන අතර, චීන රජයේ සහාය ඇතිව ශ්‍රී ලංකාව තුළ මේ වන විට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල කටයුතු කඩිනමින් අවසන් කිරීම සහ සැලසුම් කර ඇති ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳවද එහිදී සාකච්ඡා කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සදහන් කර ඇත.
 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...