*
Saturday, May 31, 2025
spot_img

Latest Posts

ක්‍රීඩා ශක්ති ඇත්තටම ක්‍රීඩාවට ශක්තියක් වන්නට අවශ්‍යය කරන වැඩ සටහනකි

නිශ්මං රණසිංහ මැයි 30, කොළඹ LNW:

දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ නිවැරදි අධික්ෂණයක් හෝ සැළසුමක් නැතිව ක්‍රියාත්මක වෙමින් පවතින ක්‍රීඩා ශක්ති වැඩ සටහන 2025 වසරටත් ආරම්භ කරමින්,තෝරා ගත් ශිෂ්‍යත්වලාභින් 900 ක් අතරින් 300 දෙනෙකුට හම ශිෂ්‍යත්ව ප්‍රදානය ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න අතින් සිඳු වුණා.මෙහිදී මලල ක්‍රීඩා,පිහිණුම් වැනි කේවල ඉසව්වලදී දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්බන්ධයෙන් යම් සාර්ථකත්වයක් ලබා ගැනීමට හැකිකමක් තිබුණ ද,කණ්ඩායම් ඉසව්වල බෙදී යමින් මෙම ශිෂ්‍යත්වය ලබන ක්‍රීඩක කීඩිකාවන්ගේ සාමූහික ඇගයීම සිඳු කිරීම සම්බන්ධයෙන් වැඩ පිළිවෙලක් නැහැ.දන්නා තරමින් විශේෂ පුහුණු දැණුමක් ඇති කණ්ඩායමකගේ අධික්ෂණයට ලක්වන සේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණු කාල සටහන් සහ ප්‍රගතිය වාර්තා වීම සම්බන්ධයෙන් මෙහි ආරම්භක අවධියේ සිටම කතා කළ ද එහි අවසාන අරමුණට ළඟා වී ඇද්ද යන කාරණය තවමත් ගැටළුකාරීයි.


ඒ නිසා මේ වැඩ සටහන මේ මොහොතේ හෝ ආකෘතිමය වශයෙන් දක්වන දිළිදු බවින් මුදවා ගෙන ක්‍රියාවට නැංවීමට සැළසුමක් අවශ්‍යය කර තිබෙනවා.එසේ නොමැතනම් නමට පමණක් දිළිදු බව තුරන් කිරීමේ සහ නිසි ප්‍රමිතයක් නැතුව ක්‍රියාත්මක කරන සමෘද්ධි හෝ ජන සවිය වැනි සටහනක් පමණක් වී රජයේ මුදල් නාස්තියක් පමණක් වීමට ඇති ඉඩ වැඩියි.


පැවති රජයන් සම්බන්ධයෙන් අනේක විවේචන ඉදිරිපත් කරත්,ඒ කාරණා වෙනස් කිරීමට දීර්ඝ කාලයක් තිස්සේ සිටින රාජ්‍ය නිලධාරීන්ගේ අසමත් භාවය හේතුවක් බව පෙන්වා දුන්න ද ඒවා පමණක් නොව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් කරනු ලබන පත්වීමවලද සිටින්නේ පරණ ආණ්ඩුවල අසාර්ථකභාවයට හේතු වූ බව කියන පුද්ගලයන්ම විම ද මෙහිදී විසුළුකාරීයි.ඓ් අතර අමාත්‍යවරයාම දේශපාලනික වශයෙන් දේශපාලකයන්ට එල්ල කරන ප්‍රහාරවලට ඉලක්ක වෙන දේශපාලකයන් කරන ලද විනාශවල පිටුපස සිටිය අයම ඇමතිවරයා ඉදිරියෙන් තබාගෙන වැඩ කිරීම නිසා ක්‍රීඩා ශක්ති වැනි රටේ ක්‍රීඩාවට අපමණ සේවයක් කළ හැකි වැඩ සටහන් හී සමාජයට අවශ්‍යය කරන යහපක් අවසානය සාක්ෂාත් කර ගැනීමට හැකි වේදැයි සැකයක් පවතී.


මේ ආකාරයට අමාත්‍යවරයා විසින් විශ්වාසය තැබූ අය මේ වන විටත් ඔවුන්ගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ ජාත්‍යන්තර ඉසව්වලදී යොදා ගත් පුද්ගලයන් සම්බන්ධයෙන් යෙන් මූල්‍යමය අක්‍රමිකතා සම්බන්ධයෙන් කතා බහ ඇති වී ඇති අතර ඒ ගැන විගණනයක් තර විශ්වාසය තහවුරු කිරීම ගැන ද ඇත්තේ උදසීන බවකි.
එවැනි තත්ත්වයක් යටතේ ආරම්භ කරන ක්‍රීඩා ශක්ති හරහා මසකට රුපියල් ලක්ෂයක දීමනාවක් ලැබෙන බවට ඇතැම් පිරිස් වාර්තා කරමින් තිබෙන අතර ක්‍රීඩා ශක්ති වැඩ සටහනට පාදක වන්නේ දක්ෂතා පාදක කරගෙන ජාතික තලයට ඔසවා තැබීමට අපේක්ෂා කරන ක්‍රීඩකයින්ය.ජාතික මට්ටමේ ක්‍රීඩකයෙකුට හෝ එවැනි ආධාරයක් දීමට පොහොසත් මට්ටමක ආණ්ඩුව නැත.ඒ රටේ ආර්ථික තත්ත්වය නිසාය.ඒ නිසා ව්‍යාපෘතිය ගැන අවබෝධයක් නැතුව දේශාපාලනිකව රජය ඔසවා තබන්නට උත්සාහ කරන කණ්ඩායම් ගොඩ නඟන අතාර්තික කරුණු නිසා මෙවැනි ව්‍යාපෘති තව දුරටත් දියාරු වෙන අතර අප යෝජනා කරන්නේ එවැනි මුදලක් වෙන් කර ඇත්නම් එය සීමා කර ඉතිරි මුදලින් එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙසෙන පළාත්වල ක්‍රීඩාවට ඇති යටිතල පහසුකම් දියුණු කර දෙන ලෙසය.නියෝජ්‍ය ක්‍රීඩා අමාත්‍යවරයාම පුහුණුකරුවෙකු ලෙස භාවිතයට ගත් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාන ක්‍රීඩා පිටිය එක් උදාහරණයකට ගත හැකි අතර එහි ආරක්ෂිතව පුහුණුවීම් කළ හැකි උස පැනීමේ මෙට්ටයක්වත් නැත.
අවසානයේ ක්‍රීඩා ශක්ති යනු සංකල්පයක් ලෙස එය ආරම්භ කළ තැන සිටම ගෞරවයට පාත්‍ර විය යුතු වැඩකි.සැළසුම ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳව අදහසක් නැතිකම නිසා අවශ්‍යය ප්‍රතිපලවලට ළඟා වීමට නොහැකි වී ඇත.කමන ක්‍රීඩාවට එය ලබා දෙන්නේද ඒ ඒ කීඩාවල හැඩය අනුව එහි ප්‍රතිලාභ නෙලා ගන්නේ කෙසේද යන කාරණාවන් ගැන මීට වඩා හැදැරීමකින් ක්‍රියාත්මක විය යුතුය.එසේම දේශපාලකයා පමණක් නොව මේ වැඩ සටහන හරි පාරට ගන්න හරි සැළසුමක් සකස් වුවහොත් එම ක්‍රීයාකාරීත්වයේ සිටින පුංචිම මිනිහාගේ සිට ඉහළම තනතුර දක්වා වන සියල්ලම ඊට අවංකව ජයග්‍රහණ අපේක්ෂාවෙන් සංවේදි විය යුතුය.එවිට ක්‍රීඩා ශක්ති රටේ ක්‍රීඩාවට ඇත්තටම ශක්තියක් වනු නො‘අනුමානය.


ක්‍රීඩා අමාත්‍යංශය මෙම ශිෂ්‍යත්ව ප්‍රදානයේදී ක්‍රීඩා අමාත්‍යවරයා දක්වන ලද අදහස් මෙසේ දක්වා ඇත. මෙරට ක්‍රීඩාවේ පැවැත්ම රඳා පවතින්නේ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සතුවය මුදලට විකිණෙන ක්‍රීඩකයෙක් නොව ආදරය, යහපත් ගතිගුණ සහිත ක්‍රීඩකයෙක්, ක්‍රීඩිකාවක් මෙරටට අවශ්‍ය කරන්නේය, දක්ෂතාවය මත ක්‍රීඩක ක්‍රීඩකාවන්ට ඉදිරියට යාමට අවශ්‍ය පහසුකම් සැපයීමට අවශ්‍ය ක්‍රියාමාර්ග රජයක් ලෙස ගන්නේය.අමාත්‍යවරයාගේ අදහස් එබඳුය.


තහනම් උත්තේජක වැනි කෙටි මාර්ග වලට යොමුවෙමින් ජයග්‍රහණ ලබා ගැනීමට කටයුතු නොකරන ලෙසත්, එලෙස ලබාගන්නා ජයග්‍රහණ ඉතාම තාවකාලික බවත්, පුහුණුවීම් කටයුතු වලින් දක්ෂතා ඔපමට්ටම් කර ගනිමින් ජයග්‍රහණ ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසුවේය.
අප පවසන්නේ මේ මුදල ලබා ගන්නා සියලුම ක්‍රිඩකයින් නිවැරදිව පුහුණු වෙන ලෙසය.පුහුණුකරුවන් නිවැරදිව එයට කැපවෙන ලෙසය.මේ රටේ ක්‍රීඩාවට පමණක් නොවන පුරවැසි සංවර්ධන අපේක්ෂා නංවාලීම සඳහා ඇති මුදලින් ඔවුන් විශේෂ කර දෙන මුදලක් නිසා එය කාටවත් අසාධාරණය් නොවී තමන්ගෙන් රටට සාධාරණයක් වෙන ආකාරයට භාවිතා කරන්න යන්න අපගේ ඉල්ලීමය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan