උතුරු ගාසා තීරයේ අල්-අව්ඩා රෝහල වසා දමන ලෙස ඊශ්‍රායලය නියෝග කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
මැයි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය විසින් උතුරු ගාසා තීරයේ ජීවනාලිය බඳු අල්-අව්ඩා රෝහල වසා දැමීමට නියෝග කර ඇති බව වර්තා වේ.

මේ හේතුවෙන් වෛද්‍ය මධ්‍යස්ථානයේ රැඳී සිටින දුසිම් ගනනක් ජනතාව වෙනත් ස්ථාන කරා යොමු කිරීමට සෞඛ්‍ය නිලධාරීන් කටයුතු කරමින් සිටින අතර සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් අදාළ සියලුම පාර්ශවයන්ගෙන් ඉල්ලා තිබුණේ, ජාත්‍යන්තර සහ මානුෂීය නීති මගින් සහතික කර ඇති පරිදි, ගාසා තීරයේ සෞඛ්‍ය පද්ධතියට ආරක්ෂාව සහතික කර දෙන ලෙසයි.

මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පැවසුවේ රෝගීන් 13 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 97 දෙනෙකු තවමත් රෝහලේ සිටින බවත් රෝහලේ ආරක්ෂාව සහ කාර්ය මණ්ඩලය සහ රෝගීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ආයාචනා කරණු ඇති බවයි.

එක්සත් ජාතීන්ගේ ඒජන්සිය විසින් ඊයේ(29)දිනයේදී රෝගීන් වෙනත් පහසුකමකට මාරු කිරීමේ මෙහෙයුමක් සැලසුම් කර තිබු නමුත් විනාශව ගිය මාර්ග හේතුවෙන් රෝහලේ වෛද්‍ය උපකරණ වෙනත් ස්ථානයකට ගෙන යා නොහැකි වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුනෙස්කෝ ලෝක උරුමයන්ගෙන් පිරි ඉතාලිය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): "ලෝකයේ වෙනත් ඕනෑම...

Anutin Charnvirakul තායිලන්තයේ නව අගමැති ලෙස පත් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තය සඳහා නව...

විමල්ගේ විරෝධය!

කොළඹ LNW:වත්මන් ආණ්ඩුව ICCPR පනත භාවිතා කරන ආකාරය සම්බන්ධයෙන්...