ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම කටුනායක ගුවන් තොටුපොළින්!

Date:

රෂිකා හෙන්නායක මැයි 30, කොළඹ LNW :

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ,රුපියල් පනස් එක් කෝටි හැට එක් ලක්ෂ පනස් දහසක් වටිනා කෝකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් විදේශීය ගුවන් මගී කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී , අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

38 හැවිරිදි ඇය , ස්වයං රැකියාවක නිරත තායිලන්ත ජාතික කාන්තාවක් බව පැවසේ.

අද අලුයම 02.00 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙන අතර, ඇය විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ , ( ” ටෙඩි බෙයාර්” ) රෙදි වලින් සකස් කර , ඇතුළට පැඩින් නැමැති පුළුන් විශේෂය පුරවා සකස් සෙල්ලම් බෝනික්කන් තිදෙනෙකු තුළ , කිලෝ ග්‍රෑම් 10 යි ග්‍රෑම් 323  ක් බර , කොකේන් මත්ද්‍රව්‍ය කරල් 500 ක් සගවා ගෙන පැමිණ තිබුණි .

 මෙය කටුනායක ගුවන් තොටුපොළ ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම බව වැඩිදුරටත් වාර්තා වේ.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සහ තායිලන්ත ජාතික කාන්තාව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබෙන බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...