ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම කටුනායක ගුවන් තොටුපොළින්!

Date:

රෂිකා හෙන්නායක මැයි 30, කොළඹ LNW :

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ,රුපියල් පනස් එක් කෝටි හැට එක් ලක්ෂ පනස් දහසක් වටිනා කෝකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් විදේශීය ගුවන් මගී කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී , අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

38 හැවිරිදි ඇය , ස්වයං රැකියාවක නිරත තායිලන්ත ජාතික කාන්තාවක් බව පැවසේ.

අද අලුයම 02.00 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙන අතර, ඇය විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ , ( ” ටෙඩි බෙයාර්” ) රෙදි වලින් සකස් කර , ඇතුළට පැඩින් නැමැති පුළුන් විශේෂය පුරවා සකස් සෙල්ලම් බෝනික්කන් තිදෙනෙකු තුළ , කිලෝ ග්‍රෑම් 10 යි ග්‍රෑම් 323  ක් බර , කොකේන් මත්ද්‍රව්‍ය කරල් 500 ක් සගවා ගෙන පැමිණ තිබුණි .

 මෙය කටුනායක ගුවන් තොටුපොළ ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම බව වැඩිදුරටත් වාර්තා වේ.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සහ තායිලන්ත ජාතික කාන්තාව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබෙන බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...