ජනාධිපතිට දේශපාලන පරිණතභාවයක් තිබුණා නං අපිට අඬගහලා ඇමතිකම් දෙයිද ? – විජේදාස

0
11759

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිදු දේශපාලන පරිණතභාවයක් නොමැති, දේශපාලන අත්දැකීම් නොමැති පුද්ගලයෙකු බව තමා මීට පෙර දැරූ ස්ථාවරයේ කිසිදු වෙනසක් සිදුව නොමැති බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.

දේශපාලන පරිණතභාවයක් තිබුණේ නම් තමාට ඇමති ධුරයක් බාර ගන්නැයි ආරාධනා නොකරන බවයි ඇමතිවරයා මල්වතු මහ නාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ.

මීට පෙර තමන් ප්‍රකාශ කළ කරුණු නිවැරදි බව ජනාධිපතිවරයා දැන් පිළිගෙන ඇති බවත්, අඬගසා ඇමතිකම් ලබා දුන්නේ ඔහුට කර ගැනීමට නොහැකි නිසා බවත් විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා.

තමා ඇමති ධුරයක් බාර ගැනීමට කටයුතු කළේ ඇමති ධුරයෙන් බැබලීමට නොව දුෂ්කර අවස්ථාවේදී රට වෙනුවෙන් ඉටුවිය යුතු වගකීම ඉටු කිරීම සඳහා බවත් ඇමතිවරයා සඳහන් කරනවා.

UN