ඩීසල් තොග අවසන් වන ලකුණු – මින් ඉදිරියට අත්‍යවශ්‍ය සේවා සඳහා පමණයි !

Date:

ඩීසල් තොග ඉන්ධන පිරවුම්හල් වෙත නිකුත් කිරීම සීමා කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. මීට අමතරව භූමිතෙල් නිකුත් කිරීමද සීමා කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්ධන තොග කළමනාකරණය කර ගැනීමේ අරමුණින් සීමා සහිතව ඩීසල් සහ භූමිතෙල් නිකුත් කිරීමට පියවර ගත් බවයි අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ.

ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග පවසන්නේ දැනට ඉතිරිව ඇති ඩීසල් තොග දින 05 කට පමණක් ප්‍රමාණවත් බවයි. ඒ අනුව ඉදිරියේදී අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඩීසල් නිකුත් කිරීමට සිදුවීමේ අවදානමක්ද මතුව තිබේ.

මීලඟ ඩීසල් නෞකාව ජුනි 01 වැනිදා මෙරටට පැමිණීමට නියමිත අතර අනෙක් ඩීසල් නෞකාව පැමිණීමට නියමිතව තිබෙන්නේ තවත් සති දෙකක් ඉක්මව ගිය පසුවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ රු. බි. 06ක ලාභය භාණ්ඩාගාරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : ලංකා ඛනිජතෙල් නීතිගත...

මාලිමා මන්ත්‍රී එක්ක පටලැවිල්ලක් හැදුණු කොස්තාපල් අත්අඩංගුවට!

කොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර සමග ඇති වූ පහරදීමේ...

පශ්චාත් ආපදා කළමනාකරණය:ශ්‍රී ලංකාවේ ණය ගෙවීම් ගැන ලෝක ආර්ථික විශේෂඥයින්ගෙන් ඉල්ලීමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විශේෂඥ ජෝසප් ස්ටිග්ලිට්ස් ඇතුළු...

මැණික් සමඟ කොටු වූ ගුවන් මඟී දෙදෙනා!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : මැණික් තොගයක්...