ඩීසල් තොග අවසන් වන ලකුණු – මින් ඉදිරියට අත්‍යවශ්‍ය සේවා සඳහා පමණයි !

Date:

ඩීසල් තොග ඉන්ධන පිරවුම්හල් වෙත නිකුත් කිරීම සීමා කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. මීට අමතරව භූමිතෙල් නිකුත් කිරීමද සීමා කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්ධන තොග කළමනාකරණය කර ගැනීමේ අරමුණින් සීමා සහිතව ඩීසල් සහ භූමිතෙල් නිකුත් කිරීමට පියවර ගත් බවයි අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ.

ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග පවසන්නේ දැනට ඉතිරිව ඇති ඩීසල් තොග දින 05 කට පමණක් ප්‍රමාණවත් බවයි. ඒ අනුව ඉදිරියේදී අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඩීසල් නිකුත් කිරීමට සිදුවීමේ අවදානමක්ද මතුව තිබේ.

මීලඟ ඩීසල් නෞකාව ජුනි 01 වැනිදා මෙරටට පැමිණීමට නියමිත අතර අනෙක් ඩීසල් නෞකාව පැමිණීමට නියමිතව තිබෙන්නේ තවත් සති දෙකක් ඉක්මව ගිය පසුවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...