පැරදුණු ඔස්ට්‍රේලියානු අගමැති මොරිසන් පක්ෂ නායකත්වයත් අතහරී – නව නායකයා පීටර් ඩට්න්

0
386

පසුගියදා පැවති ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් පරාජයට පත් වූ ලිබරල් පක්ෂයේ නායකත්වයට පීටර් ඩට්න් පත්ව තිබෙනවා. ස්කොට් මොරිසන් ආණ්ඩුවේ ආරක්ෂක ඇමතිවරයා වූ ඩට්න් නායකත්වයට පත්වූයේ නිතරගයෙනි.

මැයි 21 වැනිදා පැවති ෆෙඩරල් මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ප්‍රමුඛ ලිබරල් පක්ෂය පරාජයට පත් වූ අතර ලේබර් පක්ෂය බහුතර බලය දිනා ගැනීමට සමත් විය. ලේබර් පක්ෂයේ නායක ඇන්තනි ඇල්බනීස් නව අගමැතිවරයා ලෙස පත් විය.

ස්කොට් මොරිසන් ලිබරල් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් පක්ෂ නායකයා තෝරා ගැනීම සඳහා පක්ෂයේ විශේෂ හමුවක් කැන්බරාහිදී පැවති අතර නව නායකත්වය සඳහා ඉදිරිපත් වූයේ පීටර් ඩට්න් පමණි.

පීටර් ඩට්න් ෆෙඩරල් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක තනතුරට පත්වීමටද නියමිතය.

UN