*
Friday, April 26, 2024
spot_img

Latest Posts

මෙරට ආර්ථිකයේ හෙට දවස

ආදායමට වඩා වියදම වැඩිනම්, එතැන දියුණුවක් නැති බව ද, අර්බුදයක් එහි නිර්මාණය වන බව ද සාමන්‍ය මිනිස්සු පවා දනිති. අපේ රාජ්‍ය වියදම් දිගින් – දිගටම වර්ධනය වී ඇත. ඒ අතර රාජ්‍ය ආදායම් කෙමෙන් පහළ ගොස් ඇත. 1977 දී හඳුන්වා දුන් විවෘත ආර්ථික ප්‍රතිපත්තිය නිසා ආනයන ශීඝ්‍ර‍ෙයන් ඉහළ ගියේය. මෑතක් වන තුරුම ආනයනවලට සීමාවක් පැවැතියේ නැත. කුරක්කන් පිටරටින් ගෙන්නුවේය. සරුංගල් ද පිටරටින් ගෙන් වූයේය. මෙය රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ දුර්වලතාවකි. ජාත්‍යන්තර මූල්‍ය ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂවරිය ශ්‍රී ලංකාවේ ආර්ථිකය හඳුන්වන්නේ වැරැදි කළමනාකරණයේ ප්‍රතිඵලයක් හැටියටය. එය පිළිගන්නට අපට සිදු වේ. එලෙසම එය නිවැරැදි කරගන්නට ද වහා පියවර ගත යුතුය.

ආර්ථිකය සම්බන්ධයෙන් බණ කීවාට වැඩක් නැත. සිදු විය යුත්තේ වැරැදි හදාගෙන නිවැරැදි ප්‍රතිපත්ති හා සැලසුම් වහා ක්‍රියාත්මක කිරීමය. අපනයන ක්ෂේත්‍රය හා විදේශ විනිමය උපයන මාර්ග දියුණු කරන්නේ නැතිව ආර්ථිකය ශක්තිමත් කළ නොහැකි බව මහ බැංකු අධිපතිවරයා අවධාරණය කරයි. ඊට අවශ්‍ය පසුබිම රට තුළ පවතී. සරල නිදසුන් කිහිපයක් ගත හොත් ලෝකයේ හොඳම කුරුඳු ඇත්තේ අපේ රටේය. ලෝකයේ හොඳ ස්වාභාවික තේ ඇත්තේ අපේ රටේය. ලෝකයේ හොඳම සංචාරක ගමනාන්තය ශ්‍රී ලංකාව බව ද ප්‍රකාශයට පත් වී ඇත. එහෙත් මේ එකකින්වත් උපරිම ප්‍රතිඵල නෙළා ගැනීමට අප සමත් වී නැත. පාලකයන්, නිලධාරීන් විශේෂඥයන් පමණක් නොව සාමාන්‍ය ජනතාවත් පොදුවේ මේ වරද බාර ගත යුතුය.

දැන් පවතින තත්ත්වයට අනුව අපනයනය මූලික කරගත් ව්‍යාපාරවලට වැඩි පහසුකම් සපයා රාජ්‍ය අනුග්‍රහය දිය යුතුය. ව්‍යාපාරිකයන් ද වැඩි වශ‍ෙයන් අපනයනයට අදාළ ව්‍යාපාර ආරම්භ කළ යුතුය. මීට කලකට පෙර පොල් වතුර හා තැඹිලි වතුර අපනයන කරන ව්‍යාපාර කිහිපයක් සාර්ථකව පැවතිණි. අද ඒවාට කුමක් සිදු වූයේ දැයි කිසිවකු දන්නේ නැත. මේ ව්‍යාපාර කෙරෙහි විදේශීය ආයෝජකයන්ගේ ආකර්ෂණය ගත හැකිය. එයින් අපට විදේශ විනිමය ආකාර දෙකකින්ම ලබා ගත හැකිය. ගැටලුව ඇත්තේ මේවා කෙරෙහි කිසිවකුගේ උනන්දුවක් නැති කමය. ව්‍යාපාරිකයන්ට මේ අවස්ථාව බොහෝ සෙයින්ම විවෘතය. අපනයනය මූලික කරගත් ව්‍යාපාර කෙරෙහි ඔවුන් යොමු වන්නේ නම්, ඒ සඳහා දිරිගැන්වීම ද ලැබෙනු ඇත.

ආර්ථික අර්බුදයෙන් ගොඩ යෑමේ වගකීම ආණ්ඩුව පමණක් නොව; සෙසු දේශපාලන පක්ෂ ද භාර ගත යුතුය. රටේ වෙනත් සමාජ සංවිධාන ද අර්බුදයෙන් ගොඩ යෑමට සහයෝගය දක්වන තැනකට යා යුතුය. මේ වෙනස ඇති වුව හොත් අපට ජය ගත හැකිය. එසේ නොවුණහොත් ශ්‍රී ලංකාව දැන් සිටින තත්ත්වයෙන් ද පහළට ඇද වැටෙනු ඇත.

#ඇත්ත

Facebook

Sponsored Article

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan