පොසොන් සතිය හෙටින් ඇරඹේ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  හෙටින් (31)  ආරම්භ වන පොසොන් සතිය ලබන මස 06 වනදා දක්වා මිහින්තලය, අටමස්ථානය සහ තන්තිරිමලය කේන්ද්‍රකර ගනිමින්,  පැවැත්වීමට සැලසුම් කර ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා සඳහන් කළ අතර , පොසොන් සතිය තුළ දිස්ත්‍රික්කයේ සියලුම සුරාසැල් වසා දමන බව ද පැවසීය.

එමෙන්ම  මේ සතිය තුළ මස් මාංශ වෙළෙඳසැල් වසා තබන ලෙසත් , එම ප්‍රදේශයන්ට මත්පැන් රැගෙන ඒමෙන් වළකින ලෙස ද ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව පළාත් පාලන කොමසාරිස්වරයා විසින් නියෝග කර ඇත.

රජය දැඩි මුල්‍ය අපහසුතාවයකින් වුවත් ජනතාවගේ පහසුව වෙනුවෙන් කටයුතු සුදානම් කර ඇති  අතර ,  පොසොන් උත්සවය සැණකෙළියක් නොකරගත යුතු යැයි ද කොමසාරිස්වරයා පැවසීය.
                    
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර යළි පෙරමුණට

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: රගර් උණුසුම තදින් දැණුන...

කොස්ටරිකාවේ ජනාධිපතිවරණයෙන් Laura Fernandezට ජයග්‍රහණය…

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ කොස්ටරිකා...