සිය ජන්ම දිනය නිමිත්තෙන් මල්වතු පාර්ශවයේ මහා නායක හිමියන්ගෙන් අඩු ආදායම්ලාභී පවුල් 500ක් සඳහා වියළි සලාක!

Date:

සටහන – නදීක දයා බණ්ඩාර 

මැයි 31, මහනුවර (LNW) : මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන්  වහන්සේ ගේ 80 වැනි ජන්ම දිනය නිමිත්තෙන් අඩු ආදායම් ලාභි පවුල් 500 ක් සඳහා වියළි සලාක ලබාදීම  මල්වතු මහා විහාරයේ දී ඊයේ (30) සිදුවිය.

සිය ජන්ම දිනය නිමිත්තෙන් මහා නායක හිමියන් වාර්ෂිකව ප්‍රජා සත්කාර සිදුකරන අතර ඒ යටතේ මෙවර අඩු ආදායම්ලාභින් සඳහා ද්‍රව්‍යාධාර ප්‍රදානය කිරීම සිදුකෙරිණි.

චීනයේ අන්ෆු විහාරස්ථානයේ මී දා හොන්ග් මෙහෙණින් වහන්සේ ඇතුළු එම විහාරස්ථානයේ දායක දායිකාවන් මේ සඳහා දායකත්වය ලබා දී තිබේ.

දළදා තේවාව භාර පූජ්‍ය තිබ්බටුවාවේ මේධංකර හිමි,  මල්වතු පාර්ශවයේ කාරක සංඝ සභාව නියෝජනය කරන පූජ්‍ය  දොරණෑගම රතනපාල හිමි සහ පූජ්‍ය  මහවෙල රතනපාල යන ස්වාමින්ද්‍රයන් වහන්සේ ඇතුලු මහා සංඝරත්නය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාන්තාවන්ට දොර ඇරෙන දුම්රියේ තනතුරු!

කොළඹ LNW:ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ තනතුරු කිහිපයක් සඳහා කාන්තා...

මහරගම – පිලියන්දල ජනතාවට සතුටුදායක පුවතක්!

මහරගම පිළියන්දල මාර්ගයේ කිලෝමීටර් 2+000 සිට කිලෝමීටර් 3+700 දක්වා...

21 රැළියෙන් එක එක හැලෙයි! රනිල් එන්නෙත් නැහැ!

කොළඹ LNW:විපක්ෂය එකාබද්ධව පැවැත්වීමට සූදානම් කර තිබෙන මහජන රැළියට...