උමයංග පැරිස් වෙත තවත් පියරවකින් සමීප වෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

මැයි 31, කොළඹ (LNW) : බැංකොක් නුවර පැවත්වෙන 2024 ප්‍රංශ ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලැබීමේ බොක්සිං තරගාවලියට කිලෝ ග්‍රෑම් 51 බරං පංතියෙන් තරග කරන උමයංග මිහිරාන් ඊයේ සිය දෙවන තරගය ජය ගන්නට සමත් වුණා.පළමු තරගය මෙන්ම ඊයේ තරගයේදී ද විනිසුරුවන් ලබා දුන් තීරණ 5-0 ක් ලෙස තබා ගන්නට හැකි ලෙස තරග කරන්නට උදයංග සමත් වුණා.


මෙම සටන ජය ගැනීමත් සමඟ උමයංගට පැරිස් ගමණට එකතු වන්නට ඇත්තේ තවත් එක් තරගයක් ජය ගැනීම පමණක් අවශ්‍යය බව බ=පවසමින්, ඒ ආශ්වාදය ඇතුව උමයංග සිය මුහුණු පොතට ඇතුළත් කරපු පුංචි වීඩියෝ සටහනකින්ම මේ ඡායාරූපය සකසා ගත්තේ,ඔහුගේ ජයග්‍රහණයට අද දවස තුළ ඔබේ සිතුවිලි ආශිර්වාදය දසත පැතිරවීම වැදගත් වනු ඇති නිසයි.ඒ ආශිර්වාදය උමයංගට ශක්තියක් වනු ඇති නිසයි. ඔහුගේ ප්‍රතිවාදියා වූයේ,මොරොක්කෝවේ 21 හැවිරිදි හම්සා එසාද්දි යි.

අද උමයංගට හමුවන්නේ ඉරාන ජාතික පාර්විසි මහිදි දක්ෂ ක්‍රීඩකයෙක් වුව ද,ඔහු ඊයේ තරගයේදි දැඩි අභියෝගයකට ලක් කරන්නට ජර්මණියේ ඉබ්‍රාහීම් ඔමාර් සලාහ් සමත් වෙනවා.එම තරගයේ විනිසුරුවරුන්ගේ තීරණය වූයේ 3-2 ක් යන්නයි.මේ අනුව එම තරගය ජයගන්නට ඉරාන ජාතිකයා දැරූ වෙහෙස සමහර විට අද දවසේ මිහිරාන්ට අමතර වාසියක් වීමේ හැකියාව ද තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාව බලා ගත්ත ගම බලා ගන්න – තරුශි කරුණාරත්න උඩුදුම්බර ජනතාව වෙනුවෙන් රටින්ම ඉල්ලයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: මෑත කාලයේ ශ්‍රී ලංකාවේ...

සිරියාවේ ISIS ඉස්ලාමීය ඉලක්ක ගණනාවකට එරෙහිව එක්සත් ජනපදය පළිගැනීමේ ප්‍රහාර මාලාවක් දියත් කරයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියාවේ...

මූල්‍ය අරමුදලෙන් ලැබෙන ඩොලර් මිලියන 206ක ණය සහ ඉදිරි වසරේ අසීරු ඉලක්ක

"බිලියන 500ක් වෙළෙඳපොළට එන විට ඩොලර්වලට එන ඉල්ලීම යම්...

කීර්ති තෙන්නකෝන් ඇමති සමන්තගෙන් සහ ITN නාලිකාවෙන් මිලියන 100 ක් වන්දි ඉල්ලා නඩු පවරයි

වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න...