පැරිස් වෙත නැව් නඟින්නට ලංකාවේ මලල ක්‍රීඩාව හෙට තායිවානයේ දී සටනක

සටහන – නිශ්මං රණසිංහ
මැයි 31, කොළඹ (LNW) :
හෙට (ජූනි 01) වන දා තායිවානයේ දී ඇරඹෙන තායිවාන් වීවෘත මලල ක්‍රීඩා සූරතාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයෙකු සහ ක්‍රීඩිකාවන් සිව් දෙනෙකු සහභාගිවීමට නියමිතව සිටිනවා.හෙට සහ අනිද්දා පැවත්වෙන මෙම තරගාවලියේ පළමු දිනය වන හෙට ශ්‍රී ලංකාව වෙනුවෙන් පිරිමි මීටර් 400 ඉසව්ව සඳහා සඳහා අරුණ දර්ශන සහභාගි වන අතර,කාන්තා මීටර් 400 සඳහා නදීශා රාමනායක සහභාගි වීමට නියමිතයි.


මෙම තරගයේ මූලික තරග මෙන්ම අවසාන තරගද හෙට පැවත්වෙන අතර කාන්තා මූලික තරග ශ්‍රී ලංකාවේ වේලාවෙන් දහවල් 12.45 ටත් පිරිමි මූලික තරග පස්වරු 1.05 ට ත් ආරම්භ වීමට නියමිතව තිබෙනවා.කාන්තා මීටර් 400 අවසාන තරගය මෙරට වේලාවෙන් පස්වරු 4.00 ට පැවත්වෙන අතර පිරිමි අවසන් තරගය පස්වරු 4.10 ට පැවත්වීමට කටයුතු සූදානම් වී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ වේලාවෙන් ජූනි 2 වන දා දහවල් 12.00 ට නදීශා දිල්හානි ලේකම්ගේ සහභාගි වන කාන්තා හෙල්ල වීසිකිරීමේ තරගය පැවත්වෙන අතර තරුශි කරුණාරත්න සහ ගයන්තිකා අබේරත්න සහභාගි වන කාන්තා මීටර් 800 තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.30 ට පැවත්වීමට නියමිතව තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...

ප්‍රංශයේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ට්‍රම්ප් ඇතුළු විදේශීය නායකයන්ගේ ප්‍රකාශ මැක්‍රොන්ගේ දැඩි විවේචනයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : ජීවන...

පාස්කු ප්‍රහාරය : හිටපු ජනපති ගෝඨාභයට එරෙහි විමර්ශන ප්‍රබල තත්වයක – දිලීප අධිකරණයට දැනුම් දෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව සිදුකරන...