අයහපත් කාලගුණයෙන් රට පුරා විදුලිය බිඳවැටීම් සිද්ධීන් 50,000ක්!

Date:

රෂිකා හෙන්නායක මැයි 31, කොළඹ LNW :

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රට පුරා විදුලිය බිඳවැටීම් සිද්ධීන් 50,009ක් වාර්තා වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා පැවසූවේ , ඊයේ(30) රාත්‍රී 08න් අවසන් වූ පැය 24 තුළ එම සිද්ධීන් වාර්තා වූ බවයි .

වැඩිදුරටත් ඔහු කියා සිටියේ, එම සිද්ධීන්වලින් 14,031ක් යථා තත්ත්වයට පත් කර ඇති බවයි.


කිසියම් ප්‍රදේශයක තවදුරටත් විදුලි බිඳවැටීම් ඇත්නම් 19යි 87 යන කෙටි දුරකතන අංකය වෙත දැනුම් දෙන ලෙසයි එම මණ්ඩලය විදුලි පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටී.


තවද, ගලබඩ හා වටවල දුම්රිය ස්ථාන අතරදී දුම්රිය මාර්ගය මතට ඊයේ රාත්‍රියේ ගස් කඩා වැටුණු බව වාර්තා වූ අතර, එම දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය මාර්ගයට බාධා එල්ල වූ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...