අයහපත් කාලගුණයෙන් රට පුරා විදුලිය බිඳවැටීම් සිද්ධීන් 50,000ක්!

Date:

රෂිකා හෙන්නායක මැයි 31, කොළඹ LNW :

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රට පුරා විදුලිය බිඳවැටීම් සිද්ධීන් 50,009ක් වාර්තා වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා පැවසූවේ , ඊයේ(30) රාත්‍රී 08න් අවසන් වූ පැය 24 තුළ එම සිද්ධීන් වාර්තා වූ බවයි .

වැඩිදුරටත් ඔහු කියා සිටියේ, එම සිද්ධීන්වලින් 14,031ක් යථා තත්ත්වයට පත් කර ඇති බවයි.


කිසියම් ප්‍රදේශයක තවදුරටත් විදුලි බිඳවැටීම් ඇත්නම් 19යි 87 යන කෙටි දුරකතන අංකය වෙත දැනුම් දෙන ලෙසයි එම මණ්ඩලය විදුලි පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටී.


තවද, ගලබඩ හා වටවල දුම්රිය ස්ථාන අතරදී දුම්රිය මාර්ගය මතට ඊයේ රාත්‍රියේ ගස් කඩා වැටුණු බව වාර්තා වූ අතර, එම දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය මාර්ගයට බාධා එල්ල වූ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...