ශවේන්ද්‍රගේ හා විකුම්ගේ නව පත් කිරීම් සිදු කරයි

Date:

මේජර් ජනරාල් විකුම් ලියනගේ මහතා නව යුද හමුදාපතිවරයා ලෙස පත්කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කොටුව ජනාධිපති මන්දිරයේදී මෙම පත්කිරීමට අදාල ලිපිය විකුම් ලියනගේ මහතා වෙත බාර දී තිබේ.

දැනට යුද හමුදාවේ ජ්‍යෙෂ්ටතම නිළධාරියා වන විකුම් ලියනගේ මහතා හෙට දිනයේදී යුද හමුදාපතිවරයා ලෙස වැඩ බාර ගැනීමට නියමිතය. ලියනගේ මහතා මෙරට 24 වැනි යුද හමුදාපතිවරයායි.

මේ අතර යුද හමුදාපති ධුරයෙන් විශ්‍රාම ගිය ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත්කර තිබේ. ඔහු මේ දක්වා වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කළේය.

ශවේන්ද්‍ර සිල්වා මහතාද හෙට දිනයේදී ධුරයේ වැඩ බාර ගැනීමට නියමිතය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බාල ඖෂධ : චෝදනා කරන වෛද්‍ය චමල් සහ චූදිත බෙනරගම හමුවුණු මොහොතක් ?

රජයේ රෝහල්වලට ප්‍රමිතියෙන් තොර ඖෂධ සැපයීම සම්බන්ධයෙන් මේ දිනවල...

දිට්වා බිමහෙළු නිවාස වෙනුවෙන් තට්ටු නිවාස ව්‍යාපෘතියක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ නිවාස...

බැඩිමින්ටන් දක්ෂයන්ට වැඩි වෙහෙසක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 23, කොළඹ LNW: මේ දිනවල ගල්කිස්ස ශාන්ත...

බාල ඖෂධවල වගකීමෙන් සෞඛ්‍ය ඇමතිට විනිර්මුක්ත වෙන්න බෑ – වෛද්‍ය චමල් ලේඛන සහිතවම පෙන්වයි

සටහන - රුවන් නෙළුගොල්ල බාල ඖෂධ සිද්ධියකදී දේශපාලනඥයින්ට එහි වගකීමක්...