දුමින්දව අත්අඩංගුවට ගන්නැයි CID ට නියෝග!

Date:

දුමින්ද සිල්වා වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

ඒ, ඔහුට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබා දීමට ගත් තීරණය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග දීමෙන් අනතුරුවය.

ඔහුගේ විදෙස් ගමන් තහනම් කර තිබෙන අතර ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණයභාරයට ලබා දෙන ලෙසට ද අතුරු නියෝගයක් නිකුත් කර ඇත.

දුමින්ද සිල්වා වෙත ජනාධිපතිවරයා ලබා දුන් පොදු සමාව අභියෝගයට ලක්කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් ගොණු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගනිමිනුයි උක්ත තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණ ප්‍රකාශයට පත්කළේ.

යසන්ත කෝදාගොඩ, ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙන්ගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි එම පෙත්සම කැඳවා තිබුණේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මිමී 50ක පමණ තරමක් තද වැසි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 26) දිනයේදී උතුරු, උතුරු-මැද,...

ගින්නෙන් උපන් සීතල 2 අධ්‍යක්ෂණයට ප්‍රසිද්ධ දේශපාලනඥයින් තිදෙනෙක් ???

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මාලාවකට

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලාංකීය සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ...