ජනපති රනිල් මරික්කාර්ට කළ විහිළුව ….

Date:

පෙරේදා දිනයේ (29) කොළඹ වෝටර්ස් එජ් හෝටලයෙහි පැවති විවාහ මංගල්‍ය උත්සවයකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබිණි.

ජනාධිපතිවරයා, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ඇතුළු පිරිසක් අසුන්ගෙන සිටි මේසය අසලින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා යද්දී ජනාධිපතිවරයා ඔහුට කතාකර ඇත.

මරික්කාර්ව පෙන්වමින් ජනාධිපතිවරයා එහිදී සාගල රත්නායක මහතාට පවසා ඇත්තේ “දන්නවද සාගල, මෙයා මගෙත් එක්ක එකතු වෙලා මුජිබර්ව පන්නලා දැන් කොළඹ නායකයා වෙලානෙ ඉන්නෙ” කියාය.

සියලු දෙනාම ඒ විහිළුවට මහහඬින් සිනාසෙද්දී මරික්කාර් මන්ත්‍රීවරයා ෂේප් එකේ එතැනින් මාරුවීමට කටයුතු කර ඇති අතර ඊට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔහු සමග ඡායාරූප කිහිපකටත් පෙනී සිට ඇති බව සඳහන්.

සාමාන්‍යයෙන් සීරියස් දේශපාලන චරිතයක් වන රනිල් නොසිතන අවස්ථාවල මෙවැනි විහිළු කිරීමටත් දක්ෂයෙකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...