ජනපති රනිල් මරික්කාර්ට කළ විහිළුව ….

Date:

පෙරේදා දිනයේ (29) කොළඹ වෝටර්ස් එජ් හෝටලයෙහි පැවති විවාහ මංගල්‍ය උත්සවයකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබිණි.

ජනාධිපතිවරයා, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ඇතුළු පිරිසක් අසුන්ගෙන සිටි මේසය අසලින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා යද්දී ජනාධිපතිවරයා ඔහුට කතාකර ඇත.

මරික්කාර්ව පෙන්වමින් ජනාධිපතිවරයා එහිදී සාගල රත්නායක මහතාට පවසා ඇත්තේ “දන්නවද සාගල, මෙයා මගෙත් එක්ක එකතු වෙලා මුජිබර්ව පන්නලා දැන් කොළඹ නායකයා වෙලානෙ ඉන්නෙ” කියාය.

සියලු දෙනාම ඒ විහිළුවට මහහඬින් සිනාසෙද්දී මරික්කාර් මන්ත්‍රීවරයා ෂේප් එකේ එතැනින් මාරුවීමට කටයුතු කර ඇති අතර ඊට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔහු සමග ඡායාරූප කිහිපකටත් පෙනී සිට ඇති බව සඳහන්.

සාමාන්‍යයෙන් සීරියස් දේශපාලන චරිතයක් වන රනිල් නොසිතන අවස්ථාවල මෙවැනි විහිළු කිරීමටත් දක්ෂයෙකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...