ආසියාවේ පැතිර යන කොඩිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාවෙනුත් හමුවෙයි !

සටහන – රුවන් නෙළුගොල්ල

මේ දිනවල ආසියානු කලාපයේ රටවල පැතිරයමින් පවතින කොවිඩ් 19 වෛරස් ප්‍රභේදය ශ්‍රී ලංකාවෙන් ද හඳුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

ඒ අනුව, ඔමික්‍රෝන් වෛරසයේ අනු ප්‍රභේදයන් වන LF.7 සහ XFG යන අනු ප්‍රභේද ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවයි වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ.

දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල පරීක්ෂා කිරීමේදී මේ බව තහවුරු වී ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවද විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ මහතා අවධාරණය කළේය.

අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හඳුනාගෙන ඇති ගර්භණීය මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත්තේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...