සටන් විරාම යෝජනාවකට හමාස් වෙතින් ප්‍රතිචාර!

රෂිකා හෙන්නායක ජුනි 01, කොළඹ LNW :

හමාස් සංවිධානය විසින්, අමෙරිකාව ඉදිරිපත් කරන ලද සටන් විරාම යෝජනාවකට ප්‍රතිචාර වශයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙන බව වාර්තා වේ.

ගිවිසුම යටතේ ඊශ්‍රායලයේ ජීවමාන පලස්තීන ප්‍රාණ ඇපකරුවන් දස දෙනෙකු සහ මළ සිරුරු 18ක් නිදහස් කරන බව , හමාස් සංවිධානය කියා සිටී.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැද පෙරදිග නියෝජිත ස්ටීව් විට්කොෆ් සඳහන් කර සිටියේ, යෝජනාවේ කිසිදු වෙනසක් අපේක්ෂා කරන බව එම ප්‍රකාශයේ සඳහන් නොවූ නමුත් හමාස් සංවිධානයේ ඇතැම් සංශෝධන යෝජනා සඳහා ඊශ්‍රායල  ප්‍රතිචාරය ධනාත්මක බවයි.

තවද, අමෙරිකානු සටන් විරාම යෝජනාව ඊශ්‍රායලය පිළිගන්නා බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කර තිබෙන අතර,  ඒ අනුව ඊශ්‍රායලය අවධාරණය කර ඇත්තේ හමාස් සංවිධානය සම්පූර්ණයෙන්ම නිරායුධ කළ යුතු බවත්, හමුදා සහ පාලන හමුදාවක් ලෙස විසුරුවා හැරිය යුතු බවත්ය. 

ඊශ්‍රායලය අවධාරණය කර සිටින්නේ, යුද්ධය අවසන් කිරීමට එකඟවීමට පෙර ගාසා තීරයේ තවමත් රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් 58 දෙනාම ආපසු ලබා දිය යුතු බවයි. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, තවද හමාස් සංවිධානය තම අවි අත්හරින ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඊශ්‍රායලය ගාසා තීරයෙන් තම හමුදා ඉවත් කර යුද්ධය අවසන් කිරීමට කැපවිය යුතු බවද ඊශ්‍රායල වැඩිදුරටත් දන්වා ඇති බවයි.


 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...