විදේශ සංචිතනම් තවමත් ඇමරිකන් ඩොලර්ම තමයි !

Date:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලෝකයේ රටවල් විසින් 2024 වසර අවසානයේදී සිය විදේශ සංචිත පවත්වා ගෙන ඇති ප්‍රධාන මුදල් වර්ග පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධ කර තිබෙනවා. මේ අනුව පෙනී යන්නේ ලෝකය තුළ ඇමරිකන් ඩොලරය පිළිබඳව තිබුණු විශ්වාසයේ සහ ඇමරිකන් ඩොලර් සඳහා වූ ඉල්ලුමේ අඩුවක් වී නැති බවයි. මුදල් වර්ග වල සංයුතිය බොහෝ දුරට ස්ථාවරව තිබෙනු දැකිය හැකියි.

පසුගිය වසර (2024) අවසානයේදී ලෝකයේ මහ බැංකු වල විදේශ සංචිත වලින් 57.8%ක්ම පවත්වා ගෙන ගොස් තිබෙන්නේ ඇමරිකන් ඩොලර් වලින්. දෙවැනි තැන සිටින යුරෝ සංයුතිය 19.8%ක් වන අතර, යෙන් සංයුතිය 5.8%ක්ද, බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුම් සංයුතිය 4.7%ක්ද වෙනවා. කැනේඩියන් ඩොලර් සංයුතිය 2.8%ක් වන අතර චීන යුවාන් සංයුතිය 2.2%ක් පමණයි. ඕස්ට්‍රේලියානු ඩොලරයටද 2.1%ක ඉල්ලුමක් තිබෙනවා.

මේ අනුසාරයෙන් බ්‍රික්ස් මුදල් ඒකකය වැනි විකල්ප මුදල් ඒකකයකට තිබිය හැකි ඉල්ලුම පිළිබඳව අදහසක් ගත හැකියි.

පසුගිය (2024) වසර අවසානයේදී විදේශිකයින් සතු වූ ඇමරිකන් ෆෙඩරල් ණය ප්‍රමාණය ඩොලර් බිලියන 8,513ක් වූ අතර විදේශ මහ බැංකු සතු වූ ඇමරිකන් ඩොලර් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6,631ක්. ඇමරිකන් ෆෙඩරල් රජයේ විදේශ ණය ඉහළ යාමට ප්‍රධානම හේතුව මේ අයුරින් ලෝකයේ මහ බැංකු විසින් සිය විදේශ සංචිත ඇමරිකන් ෆෙඩරල් ණය වල ආයෝජනය කිරීමයි. ඊට අමතරව වෙනත් විදේශිකයින් හා විදේශික ආයතන විසින්ද ඇමරිකන් ෆෙඩරල් ණය සුරක්ෂිත ආයෝජනයක් සේ සලකා ආයෝජනය කරනවා.

~ ඉකොනොමැට්ටා

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

reFocus සම්මාන උළෙල මෙවරත් විශ්මයජනක ඡායාරූපකරණයට නිසි වටිනාකමක් ලබා දෙයි!

සටහන – පුලී දෙසැම්බර් 26, කොළඹ (LNW):  reFocus සම්මාන උළෙල...

විද්‍යාඥයින්ගේ ඇස් උඩ යවමින්, චන්ද්‍රිකාවක් විසින් සුනාමියක් සජීවීව ග්‍රහණය කර ගනී!

සටහන – පුලී දෙසැම්බර් 26, කොළඹ (LNW):  ප්‍රථම වතාවට, අභ්‍යවකාශයේ...

පාට හතරකින් හැඩ වෙන කාන්තා ක්‍රිකට්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 26, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා...

හිටපු ඇමති ඩග්ලස් දේවානන්දා CID අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊපීඩීපී පක්ෂයේ නායක, හිටපු අමාත්‍ය ඩග්ලස්...