Al Hamriyah වරායේ දැවැන්ත ගින්නක්!

රෂිකා හෙන්නායක ජුනි 01, කොළඹ LNW :

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Al Hamriyah වරායේ දැවැන්ත ගින්නක් හටගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එලෙස ගිණි ගැනීමට ලක්වී ඇත්තේ අල් හම්රියා වරාය ප්‍රදේශයේ ඉන්ධන ගබඩාවක් බවටයි වාර්තා වන්නේ. සාජා පොලිසිය සඳහන් කර ඇත්තේ, ගින්නට හේතුව විමර්ශනය කරමින් පවතින බවත් ඉන් කිසිදු අනතුරක් හෝ ජීවිත හානියක් වාර්තා වී නොමැති බවයි. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සාජා සිවිල් ආරක්ෂක අධිකාරියේ ගිනි නිවන කණ්ඩායම් මේවනවිට ගින්න සාර්ථකව පාලනය කර යාබද ඉන්ධන ගබඩා වෙත පැතිරීම වැළැක්වීමට සමත් වී ඇති බවයි.


සාජා පොලිසිය ජනතාවට පවසා ඇත්තේ ඔවුන්ගේ මෙහෙයුම් අවසන් වන තෙක් එම ප්‍රදේශයට ඇතුල්වීමෙන් වැළකී සිටින ලෙසයි. 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...