ලංකාවට එනව නං ෆුල්ටෑන්ක් කරගෙන එන්න – සියලු ගුවන් සමාගම්වලට දැනුම් දෙයි

මෙරටට පැමිණෙන ගුවන් යානා, යළිත් සිය ගමනාන්තය දක්වා ගමන් කිරීමට අවශ්‍ය ඉන්ධනද රැගෙන ආයුතු බවට සිවිල් ගුවන් සේවා අධිකාරිය, සියලු ගුවන් සමාගම් වෙත දැනුම් දී තිබෙනවා. ශ්‍රී ලංකාව දැවැන්ත ඉන්ධන හිගයකට මුහුණ දී සිටින බැවින් කිසිදු ගුවන් යානයක් සඳහා ඉන්ධන ලබාදිය නොහැකි බවයි එම අධිකාරිය වැඩිදුරටත් දැනුම් දී තිබෙන්නේ.

ශ්‍රීලන්කන් ගුවන් සමාගමට අයත් ගුවන් යානාද දකුණු ඉන්දියාවේ පිහිටි ගුවන් තොටුපල වෙත ගොස් සිය ඉන්ධන අවශ්‍යතා සපුරා ගනී.

දැනටමත් ශ්‍රී ලංකාව සමග ගුවන් මෙහෙයුම් කටයුතු සිදු කරන ගුවන් යානා, ඉන්දියාව ඇතුළු කලාපයේ සෙසු රටවලින් සිය ඉන්ධන අවශ්‍යතා සපුරා ගැනීමට කටයුතු කරමින් සිටින අතර මෙම තත්වය මත ශ්‍රී ලංකාව සමග ගුවන් සබඳතාවලට දැඩි බලපෑමක් එල්ල වී තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධීවර ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකට JICA වෙතින් නව විසඳුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ධීවර...

Elephant Transit Home : අලි වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : පොළොන්නරුවේ කලහගල ප්‍රදේශයේ...

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...