මත්පැන් මිල ඉහළ දැමීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ අනුමැතිය

Date:

අද දිනයේ සිට මත්පැන් මිල ගණන් ඉහළ දැමීමට මත්පැන් නිෂ්පාදන සමාගම් තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ එකඟතාවය හිමිව තිබෙනවා.

ඊයේ දින වැට් බදු ඉහළ දැමීම හේතුවෙන් සහ මත්පැන් නිෂ්පාදනය සඳහා භාවිතා කරන එතනෝල් මිල ගණන් ඉහළ යෑම පාදක කර ගනිමින් මත්පැන් මිල ඉහළ දැමීමට තීරණය කර තිබේ.

සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසන්නේ මත්පැන් මිල ඉහළ දැමීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ අවසරය ලබා ගැනීමට අවශ්‍ය නොවන බවයි. මත්පැන් නිෂ්පාදන සඳහා නිශ්චිත මිලක් නියම කර නොමැති හෙයින් නිෂ්පාදකයන්ගේ කැමැත්ත පරිදි මිල තීරණය කළ හැකි බවයි කුමාරසිංහ මහතා පවසන්නේ.

කෙසේ නමුත් මිල සංශෝධනය කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව දැනුවත් කළයුතු අතර මේ වනවිටත් සමාගම් කිහිපයක් නව මිල ගණන් සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා සෙබලු‍න් සිව්දෙනා ලබන 26 තෙක් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW : පසුගියදා සැකපිට...

ඉදිරි වසර 05ක කාලය තුළදී මෙරට නිවාස අවශ්‍යතාව සපුරාලීමට සැලසුම්!

කොළඹ LNW:මෙරට නිවාස අවශ්‍යතාව ඉදිරි වසර 05ක කාලය තුළදී...

රටේ ක්‍රිකට් ගැන සැබෑ කියවීමක් වෙමින් කාන්තා ක්‍රිකට් සූරතාව නාවික හමුදාව දිනා ගනියි

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: පළමු පෙළ කාන්තා සීමීත පන්දුවාර...