ශ්‍රීලනිප නිමල් සිරිපාල පාර්ශ්වය කැඳවන විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ නායකත්වයෙන් යුත් පාර්ශවය විසින් විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (02) දිනයේ කැඳවා තිබේ.

කොළඹ, ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී මෙම රැස්වීම පැවැත්වෙන අතර මීට මධ්‍යම කාරක සභිකයින්ට අමතරව සියලුම ආසන සංවිධායකවරුන්ට ද සහභාගී වන ලෙස දැනුම් දී ඇති බවයි පක්ෂයේ භාණ්ඩාගාරික, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේ.

ශ්‍රීලනිපයේ මූලිකත්වයෙන් බිහිකෙරෙන නව සන්ධානයේ පළමු ජන රැළිය ලබන 8 වනදා හම්බන්තොටදී පැවැත්වෙන බවත් ඒ සම්බන්ධයෙන් අද පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිත බවත් අලගියවන්න මහතා වැඩිදුරටත් පැවසීය.

කෙසේවෙතත් අධිකරණ නියෝගයක් මත ශ්‍රීලනිප සභාපති ධුරය අහිමි වී සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ අද පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීම නීත්‍යානුකූල නොවන බවයි.

එම රැස්වීම කැඳවා ඇත්තේ පක්ෂයේ සුළුතරයක් විසින් බවත් ඔවුන්ට එසේ මධ්‍යම කාරක සභා රැස්වීමක් කැඳවීමට බලයක් නොමැති බවත් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...