ශ්‍රීලනිප නිමල් සිරිපාල පාර්ශ්වය කැඳවන විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ නායකත්වයෙන් යුත් පාර්ශවය විසින් විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (02) දිනයේ කැඳවා තිබේ.

කොළඹ, ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී මෙම රැස්වීම පැවැත්වෙන අතර මීට මධ්‍යම කාරක සභිකයින්ට අමතරව සියලුම ආසන සංවිධායකවරුන්ට ද සහභාගී වන ලෙස දැනුම් දී ඇති බවයි පක්ෂයේ භාණ්ඩාගාරික, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේ.

ශ්‍රීලනිපයේ මූලිකත්වයෙන් බිහිකෙරෙන නව සන්ධානයේ පළමු ජන රැළිය ලබන 8 වනදා හම්බන්තොටදී පැවැත්වෙන බවත් ඒ සම්බන්ධයෙන් අද පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිත බවත් අලගියවන්න මහතා වැඩිදුරටත් පැවසීය.

කෙසේවෙතත් අධිකරණ නියෝගයක් මත ශ්‍රීලනිප සභාපති ධුරය අහිමි වී සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ අද පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීම නීත්‍යානුකූල නොවන බවයි.

එම රැස්වීම කැඳවා ඇත්තේ පක්ෂයේ සුළුතරයක් විසින් බවත් ඔවුන්ට එසේ මධ්‍යම කාරක සභා රැස්වීමක් කැඳවීමට බලයක් නොමැති බවත් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක් : එක් අයෙක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : අද (06) රාත්‍රි‍...

දෙගොඩතලා ගිය මහා ජල කඳින්, බිඳී ගිය කඳු මතින් ආපහු පණ ගැහෙන්න දඟලනවුන්!

සටහන – පුලී දෙසැම්බර් 06, කොළඹ (LNW): මම ඇස් පියාගෙන...

ආපදා තත්ත්වයෙන් ජල සැපයුම් පද්ධතියට සිදුවූ හානිවලින් සියයට 90%ක් යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදා තත්ත්වයෙන් ජල...

” සාගර බන්ධු ” විසින් ආපදා ආධාර රැගත් 09 වන ඉන්දීය ගුවන් යානයත් මෙරටට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : අද (06) පස්වරුවේ...