NB1.8.1 නව කොව්ඩ් ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් ගෝලීය වශයෙන් ඉහළට!

Date:

රෂිකා හෙන්නායක ජුනි 02, කොළඹ LNW :

ගෝලීය වශයෙන් එන්.බී.1.8.1 ලෙස හඳුන්වන නව කොව්ඩ් ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් නැවත ඉහළ යමින් පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ, මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසා සිටී.

ඔහු කියා සිටියේ, ඔමික්‍රොන්හි උප පරම්පරාවක් වන මෙය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධීක්ෂණය යටතේ පවතින ප්‍රභේදයක් ලෙස නම් කර ඇති බවයි. මෙම තත්ත්වය යටතේ ජනතාව හැකි සෑම විටම සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම සහ විධි අනුගමනය කිරීමට පියවර ගත යුතු බවද මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
 

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ගේ සංගමය පැවසුවේ, මේ අතර කොවිඩ් ප්‍රභේද කිහිපයක් ආසාදිත රෝගීන් කිහිපදෙනෙකු මෙරටින්ද හඳුනාගෙන ඇති බවයි. එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පෙර පරිදි සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙසයි. 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එදවස සොඳුරුමය එතරම්….

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW : පොතක වරුණ.. එදවස සොඳුරුමය 7...

එක තැන පල්වෙන දුම්රිය නිලධාරීන්ට ඇමතිගෙන් යස පාඩමක්. අවසාන වොර්නින් එකත් දෙයි!

කොළඹ LNW:මගී ජනතාව වෙනුවෙන් දුම්රිය සේවය නිසි පරිදි ලබා...

ලෝක කුසලානය පෙනි පෙනී අතපත්තු අත්පත් කර ගත් ජය

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: කැරිබියන් කාන්තා ප්‍රිමියර් ලීග් සූරතාවලියේ ජයග්‍රහණය...