ඇමරිකාවේ යළිත් වෙඩි තැබීමක් – 04 ක් මිය ගිහින්

Date:

ඇමරිකා එක්සත් ජනපදයේ ඔක්ලහෝමා ප්‍රාන්තයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 04 දෙනෙකු මියගොස් තිබෙනවා. මියගිය සිව්දෙනා අතර වෙඩි තැබීම සිදුකළ පුද්ගලයාද සිටින බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔක්ලහෝමා ප්‍රාන්තයේ රෝහලකදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති අතර ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ප්‍රහාරය සඳහා ගිනිඅවි දෙකක් භාවිතා කර ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. කෙසේ නමුත් ප්‍රහාරයට හේතුව කුමක්ද යන්න මෙතෙක් තහවුරු කරගෙන නොමැත.

‍ඇමරිකා එක්සත් ජනපදයෙන් විටින් විට මෙවැනි සිදුවීම් වාර්තා වෙමින් තිබේ. පසුගිය සතියේදී ටෙක්සාස් ප්‍රාන්තයේ රෝහලක සිදු වූ වෙඩි තැබීමකින් ළමුන් 19 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 21 ක් මරණයට පත් විය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නෙතන්‍යාහු සහ ට්‍රම්ප්ගේ ඊළඟ ඉලක්කය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල අගමැති බෙන්ජමින්...

අධි අවදානම් කලාපවල සිටි පවුල් 5,000කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගැනේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : ආපදාවට ලක්වූවන් වෙනුවෙන්...

Najib Razak ට තවත් වසර 15ක සිර දඬුවමක් සහ ඩොලර් බිලියන 2.8ක දඩයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ (26) දින...