ණයට පොහොර දෙන්න ඉන්දියාව එකඟ වෙයි – පොහොර ලැබී දින 20 ක් තුළ බෙදාහැරීමට සූදානම් !

Date:

ඉන්දීය ණය ආධාර යටතේ රසායනික පොහොර ලබාදීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා එකඟ වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. වාරිමාර්ග ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝග සම්බන්ධයෙන් නිළධාරීන් සමග පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කර තිබේ.

ඒ අනුව යල කන්නයේ වගා කටයුතු සඳහා අවශ්‍ය රසායනික පොහොර ලබාදීමට සූදානම් බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා.

ඉන්දියාවෙන් පොහොර මෙට්‍රික් ටොන් 65,000 ක් ආනයනය කරන බවයි මීට පෙර ආණ්ඩුව ප්‍රකාශ කළේ.

පොහොර තොග ගොඩබෑමෙන් පසු දින 20 ක් තුළ ගොවීන් වෙත පොහොර සැපයීමට කටයුතු කරන බවද ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිහින බොඳ කරමින් රහසේම ජීවිතය හැරගිය සිසුවිය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 10.කොළඹ LNW : මෙවර උසස් පෙළ විභාගයට...

කෙහෙළිය පවුල අදත් අල්ලස් කොමිසමට!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඔහුගේ බිරිඳ සහ දියණියක්...

ජපානයේ ශ්‍රී ලංකා තානාපති ජපන් අධිරාජයාට අක්තපත්‍ර පිළිගන්වයි!

කොළඹ LNW:ජපානයේ ශ්‍රී ලංකාවේ නව තානාපති මහාචාර්ය පිවිතුරු ජනක්...

විදේශ සංචිත සුළු වශයෙන් පහළට

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල...