සරසවි සිසුන්ගේ පා ගමනට එරෙහිව නියෝගයක් නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

Date:

විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් විසින් අද කොළඹදී පැවැත්වීමට නියමිත පා ගමන වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි පොලීසිය සිදුකළ ඉල්ලීම අද කොළම කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

කුරුඳුවත්ත පොලීසියේ නිළධාරීන් සිදුකළ මෙම ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා හමුවේ සලකා බැලිණි.

වෝඩ් පෙදෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ආශ්‍රිත ප්‍රදේශයේ මං මාවත් කිහිපයකට ඇතුළුවීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි පොලීසිය ඉල්ලා තිබිණි. එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සඳහන් කර තිබෙන්නේ සාමකාමී ලෙස විරෝධතා දැක්වීමට අයිතිය තිබෙන බවයි. කෙසේ නමුත් පා ගමනේ නිරත වන පුද්ගලයන් නීතිය, සාමය කඩවන ආකාරයෙන් කටයුතු කරන්නේ නම් ඔවුන්ට එරෙහිව කටයුතු කිරීමේ බලය පොලීසියට හිමිවන බවද මහේස්ත්‍රාත්වරයා සඳහන් කර තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාතාලයට, මත්ද්‍රව්‍ය ජාවාරමට ආශිර්වාද දුන්නේ දේශපාලන නායකයො. අපි ඇවිත් මේක නතර කළා – ඇමති රත්න

සටහන - රුවන් නෙළුගොල්ල දැන් මේ රටේ ස්ථාපිතව ඇත්තේ මත්ද්‍රව්‍ය...

පාපන්දුවෙන් වැඩකිඩ දැමූ ඩේවිඩ් බෙකම්ට නයිට් පදවියක්!

සටහන – පුලී නොවැම්බර් 06, කොළඹ (LNW):  ඩේවිඩ් බෙකම් හට...

මාලිමාවට බලය හිමි කොලොන්න ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය පරාදයි !

ජාතික ජන බලවේගයට බලය හිමි කොලොන්න කොලොන්න ප්‍රාදේශීය සභාවේ...