ලොවම බලා සිට ජොනී ඩෙප් – ඇම්බර් නඩුවෙන් වැඩි වාසි ජොනී ඩෙප්ට !

Date:

සමස්ත ලෝකයේම අවධානය දිනාගත් නඩුවක තීන්දුව ප්‍රකාශයට පත්ව තිබෙනවා. ඒ ජොනී ඩෙප් – ඇම්බර් හර්ඩ් නඩුවයි.

හිටපු සැමියා වූ ජොනී ඩෙප් විසින් තමාව ගෘහස්ත හිංසනයට ලක්කල බව පවසමින් ඇම්බර් හර්ඩ් ලිපියක් පළකර තිබූ අතර මෙම ලිපිය හරහා සිය කීර්තිනාමයට බරපතල හානි සිදුව ඇති බව පවසමින් ජොනී ඩෙප් විසින් සිය හිටපු බිරිඳට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබිණි.

ඇමරිකාවේ වර්ජීනියාහි ෆෙයාර්ෆැක්ස් අධිකරණයකදී මෙම නඩුව ජූරි සභාවක් ඉදිරියේ විභාගයට ගත් අතර නඩුව ලොවපුරා සජීවීව විකාශය කළේය.

ගෘහස්ත හිංසනයට ලක්කළ බවට ඇම්බර් හර්ඩ් විසින් එල්ල කළ චෝදනා ඔප්පු කිරීමට ඇය අසමත් වූ අතර ඒ අනුව ජොනී ඩෙප්ට වාසි වන ආකාරයට නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කර තිබෙනවා. ජොනීගේ කීර්තිනාමයට සිදු වූ හානිය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 15 ක වන්දියක් ගෙවන ලෙස අධිකරණය නියම කර තිබේ.

මේ අතර හර්ඩ් ඉදිරිපත් කළ ප්‍රතිහිමිකම් තුනෙන් එකක් ජයග්‍රහණය කිරීමට ඇම්බර් හර්ඩ් සමත් වූ අතර ඒ අනුව ඇයට ඩොලර් මිලියන 02 ක වන්දි මුදලක් ගෙවීමට ජොනීට සිදු වේ.

58 හැවිරිදි ජොනී ඩෙප් සහ 36 හැවිරිදි ඇම්බර් හර්ඩ් අතර විවාහය 2017 වසරේදී දික්කසාදයකින් කෙළවර විය.

සති හයකට වැඩි කාලයක් තිස්සේ ක්‍රියාත්මක වූ මෙම නඩුව සජීවී ලෙස විකාශය කිරීම හේතුවෙන් ඔවුන් දෙදෙනාගේ විවාහ ජීවිතයේ පෞද්ලික තොරතුරු රැසක් ලොවටම හෙලිදරව් විය. කෙසේ නමුත් හෙලිදරව් වූ කරුණු අනුව, නඩුව පිළිබඳ අවධානයෙන් සිටි බොහෝ දෙනාගේ අප්‍රසාදය ඒල්ල වූයේ ඇම්බර් හර්ඩ් වෙතයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...

මෝදර තට්ටු නිවාස සංකීර්ණයක බදාම කොටසක් කඩා වැටීමෙන් 7 හැවිරිදි දරුවකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ, මෝදර, මාදම්පිටිය ප්‍රදේශයේ පිහිටි හෙළමුතු...