උසස් පෙළ විභාගය ඔක්තෝබර්-නොවැම්බර් දක්වා කල්යයි

Date:

මෙම වසරේ උසස් පෙළ විභාගය අගෝස්තු මාසයේදී පැවැත්වීමට හැකියාවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන් මහතා පවසනවා. ඔක්තෝබර් – නොවැම්බර් කාලසීමාව තුළදී විභාගය පැවැත්වීමට හැකිවනු ඇති බවට ඇමතිවරයා විස්වාසය පළ කරනවා.

අද කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

මේ අතර මෙම වසරට නියමිත 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයද නියමිත කාලසීමාවේදී පැවැත්වීමට නොහැකි වන බව ඇමතිවරයා සඳහන් කරයි. කෙසේ නමුත් මෙම වසර අවසන්වීමට පෙර විභාගය අනිවාර්යෙන් පවත්වන බවද ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා.

දෙසැම්බර් තෙවැනි සතිය දක්වා පාසල් පැවැත්වෙන බැවින් සිසුන්ට අධ්‍යාපනය ලැබීමට උපරිම අවස්ථාව ලබා දී ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට අදහස් කරන බව ඇමතිවරයා සඳහන් කරයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (22) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 22) දිනයේදී ඌව පළාතේ...

පිට පිටම දෙවන වරටත් ප්‍රීමා සූරතාව කොළඹ දකුණට,අනු සූරතාව මහනුවරට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: පිට පිටම දෙවැනි වතාවටත්...

අනුන් අනපු කූට්ටමම බෙදන්න එපා

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම...

ජොහැන්නස්බර්ග් නගරය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (21) අළුයම...