“Trooping the Colour,” එලිසබෙත් රැජිණගේ ප්ලැටිනම් ජුබිලිය..

Date:

Trooping the Colour යනු බ්‍රිතාන්‍ය හමුදාව 17 වන සියවසේ පමණ සිට අනුගමනය කරනු ලබන සම්ප්‍රදායක් බව කියවේ.

එක්සත් රාජධානියේ විශාලතම රාජකීය සැමරුම වන එලිසබෙත් රැජිණ ගේ ප්ලැටිනම් ජුබිලිය හෙවත් රාජාභිෂේකය ලැබීමේ සංවත්සරයේ 70 වන මංගල්‍යය සැමරීම සඳහා යූනියන් ජැක් ධජයන්ගෙන් සැරසුනු ජනතාව අද (02) දින වීදි බැස සිටි අයුරු දක්නට ලැබිණි. මෙම සැමරුම පැවැත්වෙන්නේ Trooping the Colour නම් බ්‍රිතාන්‍ය හමුදාවේ පාගමන සමඟ වීම ද විශේෂත්වයක්.

Trooping the Colour යනු බ්‍රිතාන්‍ය හමුදාව 17 වන සියවසේ පමණ සිට අනුගමනය කරනු ලබන සම්ප්‍රදායක් බව කියවේ.

ප්ලැටිනම් ජුබිලියට සමඟාමීව එලිසබෙත් රැජිණ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ, තම රට ජාතියේ හොඳ හිත පිළිබඳව තමා සතුටට පත්වන බවයි. මෙම අවස්ථාවට සමඟාමීව මහජනතාව විසින් සංවිධානය කළ වර්ණවත් උත්සව වලට තම ස්තූතිය පළ කරන මහ රැජිණ කියා සිටියේ එය පැරණි මතක යළි ආවර්ජනය කරන බවයි.

ප්ලැටිනම් ජුබිලිය සඳහා දින හතරක (බැංකු නිවාඩු ද සහිත) සති අන්තයේ මිලියන ගණනින් බ්‍රිතාන්‍ය ජනතාව වීදි බැස සාද පවත්වන අන්දමට දැකගත හැකි අතර, රාජකීය නිල වැඩසටහන් ද සූදානම් කර ඇත. ලන්ඩන් වීදි පුරා ජුබිලි සන්දර්ශන ද ඇතුළත් ය.

මේ අතර, ප්ලැටිනම් ජුබිලියට සමඟාමීව එලිසබෙත් මහ රැජිණගේ අලුත් ඡායාරූපයක් ද වින්ඩ්සොර් මාලිගයේ ප්‍රදර්ශනය කර ඇත.

Photos: BBC

OUTBOUNDTODAY ISURU PARAKRAMA

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...