ප්‍රජා ශක්ති ගම් දහසක වැඩසටහනට සමගාමීව මහනුවර දිස්ත්‍රික් සමාරම්භය කුණ්ඩසාලේදී…

නදීක දයා බණ්ඩාර – මහනුවර

කොළඹ LNW:ප්‍රජා ශක්ති ගම් දහසක් වැඩසටහනට සමගාමීව මහනුවර දිස්ත්‍රික් සමාරම්භය වාරි ව්‍යාපෘතියක ඇළ වේල්ලේ ඉදිකිරීම් ආරම්භ කරමින් මහනුවර කුණ්ඩසාලේදී අද (02) ආරම්භ විය.

රුපියල් ලක්ෂ 20ක වියදමින් පල්ලේදණ්ඩ සිට ඉඹුල්දෙණිය දක්වා වාරි ව්‍යාපාරයේ ඉදිකිරීම් ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එහිදී ආරම්භ කෙරිණි.

රුපියල් ලක්ෂ 20ක ඇස්තමේන්තු ගත ප්‍රතිපාදන යටතේ මෙම ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ වූ අතර එම වාරි ව්‍යාපාරය ප්‍රතිසංස්කරණය කිරීම මගින් පිළවල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 05ක අක්කර 33ක් අස්වැද්දීමේ හැකියාව පවතී.

මෙම සමාරම්භක උත්සවයට සමගාමීව මහනුවර දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති 1100ක් ක්‍රියාත්මක වන අතර ඒ සඳහා ඇස්තමේන්තු ගත වියදම රුපියල් මිලියන 1769කි. ඒ අනුව එක් ව්‍යාපෘතියක් වෙනුවෙන් අවම වශයෙන් රුපියල් මිලියන 1.5ක මුදලක් වෙන් වන බවත් රජය දියත් කරන දැවැන්ත ව්‍යාපෘතිවලට සමගාමීව ග්‍රාමීය මට්ටමේ ආර්ථිකය සවිබල ගැන්වීම සඳහා මෙවැනි ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් දියත් වන බවත් ප්‍රසන්න ගුණසේන නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී පැවසුවේය.

ප්‍රජා සංවර්ධන සභාවේ යෝජනා අනුව වසම් මට්ටමින් මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක වන අතර ඒ අනුව දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වන ප්‍රජා ශක්ති ගම් දහසක් වැඩසටහන සඳහා රුපියල් මිලියන 25 000ක මුදලක් වෙන් කර ඇතැයි එම අවස්ථාව ඇමතූ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තනුජ දිසානායක මහතා එහිදී ප්‍රකාශ කළේය.

සිරිමල්වත්ත, බෝධිඝර පුරාණ විහාරාධිපති පූජ්‍ය කන්දේගම සුමනසාර හිමි ඇතුලු මහා සංඝරත්නය ද කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ සභාපති මංජුල ඉල්ලගොල්ල මහතා ඇතුලු මහජන නියෝජිතයන් ද මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත, කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කෞෂල්‍යා දිසානායක මහත්මිය, මහනුවර දිස්ත්‍රික් සැලසුම් හා ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ ලක්මාල් කරුණාතිලක මහතා ඇතුලු නිලධාරීන් හා ගම්වාසීන් රැසක් මෙම අවස්ථාවට සහභාගීවූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ පොලිස්පතිටත් හිරේ යන්න වෙයිද ? – අධිකරණයට අපහාස කළැයි නඩු පැවරීමට ගම්පහ මහේස්ත්‍රාත් නියම කරයි !

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීම...

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...