ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ වොලිබෝල් සූරයන් දකුණෙන් – සූරියන් වයඹෙන්

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජුනි 03, කොළඹ (LNW): මීගමුව ඒත්තුකාල මුහුදු වෙරළ තීරයේ දී 48 වන ජාතික ක්‍රීඩා තරගාවලියේ වෙරළ වොලිබෝල් අවසන් තරග ජූනි 02 වන දා ප.ව 2:30 ට පැවැත්වුණා.

ක්‍රීඩා හා යෞවනකටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක් ව සංවිධානය කරනු ලබන ජාතික ක්‍රීඩා තරගාවලියේ 2024 සඳහා වෙරළ වොලිබෝල් පිරිමි සූරතාවය දිනා ගන්නට දකුණු පළාත් කණ්ඩායම සමත් වුණා.කාන්තා සූරියන් වූයේ වයඹ පළාත් කණ්ඩායමයි.


මෙම අවස්ථාවට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ශේමාල් ප්‍රනාන්දු ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ අතර, තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස දකුණු පළාතේ නාමල් පුෂ්පකුමාර ඇගයීමට ලක් වූ අතර දක්ෂතම ක්‍රීඩිකාව ලෙස වයඹ පළාතේ දිනේෂා ප්‍රසාදිනී නම් කෙරුණා.

පහතින් දැක්වෙන්නේ තරගාවලියේ ස්ථාන බෙදී ගිය ආකාරයයි.

කාන්තා තුන්වන ස්ථානය : දකුණු පළාත් කණ්ඩායම

පිරිමි තුන්වන ස්ථානය : සබරගමු පළාත් කණ්ඩායම

අනුශූරතාව (කාන්තා) නැගෙනහිර පළාත් කණ්ඩායම

අනුශූරතාව (පිරිමි) වයඹ පළාත් කණ්ඩායම
තරගාවලිය සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහතා සහභාගී වුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම කල් දමයි!

කොළඹ LNW:ආරම්භ කිරීමට නියමිතව තිබූ 6 වන ශ්‍රේණියේ අධ්‍යාපන...

දූෂණ විරෝධී අරගලය වෙනුවෙන් කැප වන බවට චීන ජනපති‍ගෙන් ප්‍රකාශයක්

කොළඹ LNW:චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම විනය පරීක්ෂණ...

ඉන්දියාවෙන් බානගල පිරිවෙනට ආධාර!

කොළඹ LNW:කොළඹ ස්වාමි විවේකානන්ද ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානය ගාල්ල බානගල...

*අත නොපාන මලල ක්‍රීඩාවක් අනාගතයට අවශ්‍යය කර තිබේ.

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: දේශපාලනය වගෙම තමයි ක්‍රීඩාවෙ...