අපි හැම නගර සභාවකින්ම, ප්‍රාදේශීය සභාවකින්ම ලොවෙත් නැති ආදර්ශයක් දෙනවා – ඇමති නාමල්

සටහන – රුවන් නෙළුගොල්ල

මීට පෙර ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන් රුපියල් 25,000ක දීමනාවක් පමණක් ලැබෙද්දී දූෂිත ලෙස විශාල වශයෙන් වත්කම් රැස්කර තිබුණු බවත් ජාතික ජන බලවේගය ඒ සංස්කෘතික සම්පූර්ණයෙන්ම වෙනස් කරන බවත් කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.

“පොල්පිතිගම ප්‍රාදේශීය සභාවෙන් විතරක් නෙවෙයි හැම නගර සභාවකින්ම, ප්‍රාදේශීය සභාවකින්ම අපි ලොවෙත් නැති ආදර්ශයක් දෙනවා. එතෙන්ට අපි මේක ගොඩනගනවා. ඒ හැකියාව අපට තියෙනවා. මේ වෙනකොට ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙකුට සාමාන්‍යයෙන් දීමනාව හම්බවෙන්නෙ රුපියල් 21,000 යි. ප්‍රාදේශීය සභාවක සභාපති කෙනෙකුට ලැබෙන්නෙ රුපියල් 25,000 යි. සභාවෙන් සභාවට මේකෙ චූටි චූටි වෙනස්කම් තියෙනවා. එතකොට දැන් සමහර තැන්වල රුපියල් 25,000 ක දීමනාවක් ගත්තු සභාපතිලා කොහොමද අක්කර 30 – 40 ඉඩම් ගන්නෙ ? තට්ටු දෙකට තුනට ගෙවල් ගහන්නෙ කොහොමද ? පර්චස් ගණන් නගරය ආශ්‍රිතව ඉඩම් අරන් දාන්නෙ කොහොමද ? ඒවා අත්දැකීම් තියෙනවා. ඒ සංස්කෘතිය වෙනස් කරන්න තමයි අපි ආවෙ. අනිවාර්යයෙන්ම වෙනස් කරනවා”

නාමල් කරුණාරත්න නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පොල්පිතිගම ප්‍රාදේශීය සභාවේ නව මන්ත්‍රීවරුන් වැඩ ආරම්භ කරන අවස්ථාවට ඊයේ (ජුනි 02) එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකා IOC ඉන්ධන වර්ගයක මිල ඉහළ දමයි

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...

බ්‍රිතාන්‍යයට Boelo කුණාටුවෙන් දැඩි බලපෑම්; නිවාස 82,000කට විදුලියත් විසන්ධි වෙයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ):  බ්‍රිතාන්‍යයට බලපා ඇති Boelo...

බංග්ලාදේශයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉන්දියාව අභිබවා යනු ඇතැයි පුරෝකථනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ජාත්‍යන්තර...

ඉරාන නාවිකයන් සඳහා කළ මානුෂීය මෙහෙයුම අවසන්: නාවිකයන් තම මව් රට බලා පිටත්ව යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකා වෙරළ...