නැඟී එන තරු ඇන්ටිගුවාව ට

Date:

නිශ්මං රණසිංහ ජුනි 03, කොළඹ LNW:

බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී සංචාරයකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා නැඟී එන ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියා.සිව්දින තරග දෙකකට සහ එක්දින තරග තුනකට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන්නේ ලක්ෂාන් ධනංජය වන අතර හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු වන සචිත් පතිරණ මෙහි පුහුණුකරු ලෙස නම් කර තිබෙනවා.


ධනංජය පවැසුවේ ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ දක්ෂතා ඇති තරුණ ක්‍රීඩකයන්ගෙන් පෝෂණය වී තිබෙන බවයි.එසේම කොදෙව් සංචිතය තවමත් හරියට නොදන්නා බව පැවසූ ධනංජය එහෙත් අනුමාන කණ්ඩායමක් සම්බන්ධයෙන් ඇති අදහස මුල් කරගෙන ඊට එරෙහිව මුහුණ දෙන්නට වැඩි අවධානයක් පුහුණුවේදී සිඳු කළ බව පැවසීය.


සචිත් පතිරණ පැවසුවේ 18 දෙනෙකුගෙන් යුත් ක්‍රීඩා සංචිතය තුළ ඕනෑම ආකාරයක අභියෝගයට සකස් කළ හැකි එකොළහක් සොයා ගැනීමේ හැකියාව පවතින බවයි.තරුණ වුණාට දක්ෂයි යන සංකල්පය මත අදහස් දැක් වූ සචිත් සාමාන්‍යයෙන් ඇන්ටිගුවා දඟ පන්දු යවන්නන්ට හොඳ නමුත් මේ මොහොතේ එහි තත්ත්වය නොදන්නා බවත්,එහි තත්ත්වය කුමක් වුවත් ඊට සරිලන ලෙස ක්‍රියා කළ හැකි හොඳ කණඩායමක් සිටින බවත් පැවසුවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...

ADB වෙතින් මහවැලියට ඩො.මි. 200ක ණය පහසුකමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 ,කොළඹ LNW : මහවැලි ගඟේ අතිරික්ත...