විදුලි බිල 18%කින් වැඩි වෙයිද? ආණ්ඩුවේ සැලසුම මෙන්න! (VIDEO)

Date:

කොළඹ LNW:විදුලි බිල ඉහළ දැමීමට අදාළව තීරණය අවශ්‍ය දත්ත සලක බැලීමෙන් අනතුරුව මහජන උපයෝගීතා කොමිසම විසින් ගනු ඇති අතර ඊට රජයේ මැදිහත්වීමකට වඩා අවශ්‍ය වන්නේ අදාළ ස්වාධීන ආයතනයේ තීරණය බව නුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතා අද (03) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නගන ලද වරප්‍රසාද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

විදුලි බිල 18%කින් වැඩි කිරීමෙන් අනතුරුව විස්තීර්ණ ණය පහසුකම යටතේ ඉදිරි වාරිකය ලැබීමට නියමිත බවට ප්‍රචාරය වෙමින් තිබුණ කාරණයේ සත්‍ය අසත්‍යතව පිළිබඳව එහිදී විපක්ෂ නායකයා විසින් ප්‍රශ්න කරන ලදී.

පිරිවැය අය කරගැනීමේ නිසි ක්‍රමවේදයක් මඟින් රජය විසින් සපයන සේවා සාධාරණ මිලකට ජනතාව වෙත එම පහසුකම් ලබා දීමට රජයකට වගකීමක් ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පෙන්වා දුන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාපැදි පරමාදර්ශය පොගාකර්ට ප්‍රංශ සවාරියේ සිව්වැනි ජයත්

නිශ්මං රණසිංහ ජූලි 28, කොළඹ LNW: ස්ලෝවේනියාවේ දී 1998, උපත...

අර්බූදවලින් හම්බ කළ හැකි සාමය සහ විශ්වාසය

නිශ්මං රණසිංහ ජූලි 28, කොළඹ LNW: ආසියානු ක්‍රිකට් සූරතාවලිය සැප්තැම්බර්...

එක වගේ මූණු හුරුවන් සොයා බොලිවුඩයට!

සටහන – පුලී ජූලි 28, කොළඹ (LNW):  ඉන්න, මම මේ...

එක්සත් ජනපද තීරු බදු සන්තෑසියෙන් තේ, රබර් කර්මාන්තයට අත්වන ඉරණම!

සටහන – පුලී ජූලි 28, කොළඹ (LNW):  අගෝස්තු 1 වනදා...