පුළිඳු සහ අසේනිට මහනුවර දිස්ත්‍රික් දක්ෂතම ක්‍රීඩක සම්මාන

Date:

නිශ්මං රණසිංහ ජුනි 03, කොළඹ LNW:

මහනුවර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය විසින් 2024 වසරට අදාළලව එම දිස්ත්‍රික්කය තුළ විශිෂ්ඨ දක්ෂතා දක්වන ලද ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගැයීම වෙනුවෙන් පැවත් වූ වාර්ෂික සම්මාන ප්‍රධානෝත්සවයේ දී වසරේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් මහනුවර ධර්මරාජ විදුහලේ පුළිඳු පෙරේරා සහ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් මහාමායා බාලිකා විදුහලේ අසේනි තලගුණේ සම්මාන දිනාගත්හ.


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද සහ එම විධායක කමිටු සාමාජික ජානක පතිරණ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සම්මාන ප්‍රදානයේදී සම්මාන 103 ක් පිරිනැමීම කැපී පෙනුණි.


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ‘ක්‍රිකට් ගමට‘ ජාතික සංවර්ධන ගමන් මගේ කොටසක් ලෙස පවත්වනු ලබන මෙම දිස්ත්‍රික් ත්‍යාග ප්‍රදානෝත්සවය, ළාබාල ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර වේදිකාව වෙත ළඟා වීම වෙනුවෙන් දිරිමත් කිරීමේ වේදිකාවක් ලෙස අරමුණු කොට පවත්වනු ඇත.


සම්මාන ලාභීන් අතර වයස අවුරුදු 15 න් පහළ දිස්ත්‍රික් කණ්ඩායම් 3 සහ අවු. 19 න් පහළ දිස්ත්‍රික් කණ්ඩායම් 3 නියෝජනය කරන ලද සාමාජිකයෝ ද වූහ. මීට අමතරව අවු. 17 න් පහළ සහ 19 න් පහළ බාළක වයස් කාණ්ඩ යටතේ දක්ෂතා දක්වන ලද දක්ෂතම පිතිකරු, පන්දු යවන්නා සහ පන්දු රකින්නා යන සම්මානවලට අමතරව ජාතික කණ්ඩායම නියෝජනය කරන ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටද විශේෂ සම්මාන ප්‍රධානය කළහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

47 වැනි වාර්ෂික සත් සාමාජික වෙළෙඳ සේවා හොකී තරගාවලිය මෙම මස 9 වැනිදා පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේදී

නිශ්මං රණසිංහ නොවැම්බර් 06,  කොළඹ LNW: වසර 1957දී ආරම්භ කරනු ලැබූ...

Rashmini Mather කේබල් සොලියුෂන්ස් පීඑල්සී සමඟ එක්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW : කේබල් සොලියුෂන්ස් පීඑල්සී...

Colombo Dockyard නව ගමනක!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW : Colombo Dockyard PLC...

නව දියවඩන නිලමේවරයෙකු පත් කර ගැනීමේ නිලවරණය හෙට!

කොළඹ LNW:ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරය සඳහා සුදුස්සෙකු...