51.7% වැඩි ජන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ලී ජේ-මියුන්ග් දකුණු කොරියාවේ නව ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජුනි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(03)දින පවත්වන ලද කොරියානු ජනාධිපතිවරණය 51.7%ක වැඩි ජන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ලී ජේ-මියුන්ග් ජයග්‍රහණය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙවර මැතිවරණයේ දී මිලියන 52 ක් වන රටේ මිලියන 44.4 ක් පමණ ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබු අතර කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ලී ජේ-මියුන්ග් හා තරඟ වැදී ප්‍රධාන අපේක්ෂකයා වන පාලක කොන්සර්වේටිව් පීපල් පවර් පක්ෂයේ කිම් මූන්-සූ සියයට 39.3 ක් ලබා ඇති අතර මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 77.8%ක් විය.

61 හැවිරිදි ලී ජේ-මියුන්ග් පසුගිය ජනාධිපතිවරණයේදී තේරී පත්වූ යූන් සුක්-යොල්ට එරෙහිව ඉතා සුළු ඡන්ද පරතරයකින් පරාජයට පත් වූ අතර පසුගිය වසරේ පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය අතිවිශිෂ්ට ජයග්‍රහණයක් කරා මෙහෙයවූ අතර යූන් ධුරයෙන් ඉවත් කිරීම සඳහා විපක්ෂය මෙහෙයවන ලද ව්‍යාපාරය පිටුපස ගාමක බලවේගය විය.

ලී ජේ-මියුන්ග් මානව හිමිකම් නීතිඥවරයකු වන අතර ඔහු දකුණු කොරියාවේ වඩාත්ම ජනාකීර්ණ ජියොංගි පළාතේ ආණ්ඩුකාරවරයා සහ සෝල් අසල සියොංනාම් නගරයේ නගරාධිපති ලෙස සේවය කර ඇත.

දකුණු කොරියාවේ හිටපු ජනාධිපති යූන් සුක්-යොල් පසුගිය දෙසැම්බර් 3 වන දින යුද නීති නියෝගයක් නිකුත් කිරීමෙන් සහ පාර්ලිමේන්තු කටයුතු නතර කිරීමට උත්සාහ කිරීමේදී, හමුදා බලමුලු ගැන්වීමෙන් නිල රාජකාරිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාපිත අධිකරණය ඔහු ධුරයෙන් ඉවත් කිරීම හේතුවෙන් මෙම හදිසි මැතිවරණය පැවැත් වීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව වසරේ පළවෙනි සුබපැතුම රනිල්ගෙන් සජිත්ට

2026 නව වසර උදාවත් සමග එක්සත් ජාතික පක්ෂ නායක,...

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වසා දමයි!

කොළඹ LNW:අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා...

වෘත්තීය සමිති ගේම් ඉවරයි – සමෘද්ධි බැංකු පද්ධතිය ගැන අලුත් අවුරුද්දේ අලුත් තීරණයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමෘද්ධි බැංකු පද්ධතිය වඩා ශක්තිමත් කරමින් ඩිජිටල්කරණ...