රටේ විනාශය ගැන අපි රතු එළි දැල්වූයේ 2020 ජනවාරි ඉඳලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

අද රට කඩා වැටී, බරපතළ අර්බුදයකට ලක්ව ඇති බවත් මේ විනාශය සිදුවන බව තමන් රටට කීවේ 2020 ජනවාරි සිට බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ආණ්ඩුව පැමිණි විගස ධන කුවේරයින්ට ලබා දුන් බදු සහන හේතුවෙන් රටේ ආර්ථිකය කඩා වැටීම ආරම්භ වූ බව පැවසූ විපක්ෂ නායකවරයා, එදා බදු සහන ලද ධන කුවේරයින් නාලිකා වලට පැමිණ ඒ පිළිබඳව විශ්මයෙන් කතා කළ බව ද සිහිපත් කළේය.

දේශීය සහ පාරම්පරික වෛද්‍යවරුන් පිරිසක් පෙරේදා (01) දිනයේදී කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී සජිත් ප්‍රේමදාස මහතාව හමුවූ අතර ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.

අද සත්‍ය ජයග්‍රහණය කරමින් තිබෙන බවත්, කණගාටුවට කරුණ වන්නේ සත්‍ය ජයග්‍රහණය කිරීමට ජනතාවට දුක් විඳින්නට සිදු වීම බවත් විපක්ෂ නායකවරයා එහිදී සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...

පෙබරවාරි 3 සිට ලෝක කුසලාන තරග බලන්න ටිකට් ගන්න තැන් වීවෘතයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...