*
Sunday, September 8, 2024
spot_img

Latest Posts

නොනැවතී ගි ගයා ලෝක වාර්තාවක් තැබීමට උත්සාහ කරන ඇන්ටන්

ගීත දෙසීයකට වැඩි ගණනක් නොනැවතී ගායනා කරමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීම සඳහා ඇන්ටන් මැතිව් දරණ උත්සාහය ජූනි මස 4 වන දා පිළියන්දල නගර සභා ශාලාවේදී පැවත්වෙනවා.මේ ආකාරයට වැඩිම ගිත ගණනක් නොනැවතී ගායනා කරමින් තැබූ ගිනස් වාර්තාවක් ගිනස් වාර්තා අතර නැති අතර මෙම වාර්තාව පිහුටුවීමට ඔහු කටයුතු කරන්නේ සෙරන්ඩිබ්නම් ලෝක වාර්තා සම්බන්ධයෙන් පිහිටුවන ලද නව ආයතනයක් සමඟය.

ශ්‍රී ලංකාවේ ගිනස් ලෝක වාර්තා පිහිටුවීම සම්බන්ධයෙන් විශාල ප්‍රචාරයක් එම වාර්තා පිහිටුවන අවස්ථාවල ලබා දුන්නද පසු විපරමක් නොමැති තත්ත්වයක් තුළ එම වාර්තා පිළිගත්තේද නැද්ද යන්න සම්බන්ධයෙන් සමාජයට වාර්තා වන්නේ නැත.මේ තත්ත්වය සැළකිල්ලට ගෙන ලංකාවේ ගිනස් ආයතනය විසින් පිළිගනු ලැබූ ගිනස් වාර්තා තැබූ අතළොස්ස අතරෙන් අයෙක් වන සනත් බණ්ඩාර නව ලෝක වාර්තා පිහිටුවීම සම්බන්ධයෙන් ලෝකයට විවෘත කළ සෙරන්ඩිබ් ආයකනය සමඟ මෙම වාර්තාව පිහිටුවීමට ඇන්ටන් මැතිව් ඉදිරිපත් වී ඇත.

දැනට ලෝකයේ ලෝක වාර්තා සම්බන්ධයෙන් ලියාපදිංචි ආයතනයක් හැටියට සැළකෙන සෙරන්ඩ්බ් ආයතනය සමඟ ඉදිරියේදී නව ලෝක වාර්තා වෙනුවෙන් වෙනත් රටවල පුද්ගලයෝද ඉදිරිපත් වීමට නියමිතව ඇත.

හැටේ දශකයේ නුවරඑළියේ ආරම්භ කළ රූබිකන්ස් සංගීත කණ්ඩායමට සම්බන්ධ වෙමින් ගායකයෙක් ලෙස කටයුතු කර ඇති ඇන්ටන් දීප ව්‍යාපත ගිත තරගවලදී සිය ගායනාවලින් ජය අත් කරගත් අයෙක්.කලක් ගුවන් හමුදා නිලධාරියෙක් ලෙස සේවය කර ඇන්ටන් මැතිව් අනතුරුව විදේශ රැකියාවක නිරතව සිට පැමිණ මේ වන පෞද්ගලික ව්‍යාපාරයක නිරත වෙන අතරේ සිය ආත්මීය තෘප්තිය උදෙසා නිතර ගායනයේ යෙදෙන්නෙක්.

ඔහු තැබීමට යන නව ආරේ ලෝක වාර්තාව විනිශ්චය කිරීම සඳහා මීට පෙර ගිනස් ආයතනය පිළිගත් ගිනස් වාර්තා විනිශ්චයටද සහභාගි වි ඇති පිරිස් මෙන්ම ඇන්ටන් මැතිව් ගේ ගායනය සම්බන්ධයෙන් විනිශ්චයක් දිය හැකි සංගීත දැණුම ඇති පිරිස් ද කටයුතු කරනු ඇත.ඇන්ටන්ගේ උත්සාහය සාර්ථක කර ගැනීමට හැකි වුවහොත් ඔහුට ඊට අදාළ සහතිකය සමඟ පදක්කමක්ද පිරිනැමීමට සෙරන්ඩිබ් ආයතනය විධි විධාන යොදා ඇත.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan