සියලුම පක්ෂ නායකයින් සහ අගමැති රනිල් අතර විශේෂ සාකච්ඡාවක් අද

0
955

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් අද (03) දිනයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව අද පස්වරු 03.30 ට අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇත.

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත අතර ලබන සඳුදා එම පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පෙර අද දිනයේදී සියලු පක්ෂ අතර ඒ සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට අදහස් කෙරෙන බව සඳහන්.

RN