නව පද බයිලා  – 03: නිහාල් නෙල්සන්ගේ ලස්සනට පිපුණු වන මල් තාලයට..

Date:

ලස්සනට හොයං කොස් දෙල් අල බතල අඟුන වැල්
අපි උයං කනව දැන් ෆුල් ආතල්
රටෙ ආර්ථිකේ නිල්
මෙච්චර කලක් ගහල ජිල්
ජනතාව ලෙසට අපිත් කෙළියෙ බුල්

Music – පාන් පාන් රෝස් පාන් පෙට්ටි පාන් චූන් පාන්//
ඒවත් ගණන් ගිහින් දැන් සිය ගාණින්

ඉස්සර අපි එනකොට අපෙ දරුවො මග බලා
ඇස්වල පොඩි බලාපොරොත්තුවක් දිලිසිලා
හිස් මලු අරගෙන දැන් අපි එනකොට හිඳිලා
ගැස්සෙන පොඩි උන් දැක ඇස් දෙක ඇත තෙමිලා

ඇස් දෙක ඇත තෙමිලා
ඇස් දෙක ඇත තෙමිලා
කඳුළින් ඇස් දෙක ඇත තෙමිලා…

ලස්සනට වැවුණු කොස් දෙල්…

මාළු පාන් ජෑම් පාන් බටර් පාන් නොයෙක් පාන්..//
ඒවත් ගණන් ගිහින් දැන් සිය ගාණින්

අරුන් ඡන්දෙ කාලෙ ඇවිත් පොරොන්දු දෙද්දී
කොල්ලො ගිහින් තාප්පවල චිත්‍ර අඳිද්දී
සවන් පිනන විරු ගී ගුවනට මුසු වෙද්දී
අපි රැවටුණු රැවටිල්ලට මෙහෙම වී මදී

මෙහෙම වී මදී
මෙහෙම වී මදී
අනේ අපට මෙහෙම වී මදී

ලස්සනට වැවුණු කොස් දෙල්…

පාන් පාන් පරළු පාන් පැකට් කරපු සුපිරි පාන්//
ඒවත් ගණන් ගිහින් දැන් සිය ගාණින්

පණ ගිලිහෙන්නට මත්තෙන් ප්‍රශ්නය දැකලා
උත්තරයක් හොයා ගනිමු අපි පෙළ ගැහිලා
එන්න එන්න මිනිස්සුනේ
වහා නැගිටලා
මේ රට අපි හදමු වැරදි නිවැරදි කරලා

නිවැරදි කරලා
නිවැරදි කරලා
පරණ වැරදි නිවැරදි කරලා

ලස්සනට වැවුණු කොස් දෙල්..

– අඟුලානෙ කුමා

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වේගවත් කිරීමට ට්‍ර්ම්ප්ගෙන් නියෝග

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

අපේ කණ්ඩායමේ කළු බැටළුවෝ ඉඳල තියෙනවා – පැරදුණු රීසා සරූක් කියන කතාව

කොළඹ LNW: කොළඹ මහ නගර සභාවේ පුරපති සටන වෙනුවෙන්...

වැඩිහිටි අපයෝජනය ගැන කියන්න වට්ස්ඇප් අංකයක්!

කොළඹ LNW:එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සෑම වසරකම ජුනි...