මල්වානේ නඩුව : නඩු ගාස්තු ගෙවීමටත් රජයට නියම වෙයි. අභියාචනයටත් ඉඩක් නෑ ?

Date:

මල්වාන ප්‍රදේශයේ සුවිසල් නිවසක් ඉදිකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට සහ කෝටිපති ව්‍යාපාරික තිරුකුමාර් නඩේෂන් මහතාට එරෙහිව ගොනුකර තිබුණු නඩුවෙන් ඔවුන් දෙදෙනා අද (03) දිනයේදී නිදොස්කොට නිදහස් කෙරුණු අතර එම තීන්දුවෙන් නඩු ගාස්තු ද ඔවුන් වෙත ගෙවන ලෙස රජයට නියම කර ඇති බව වාර්තා වේ.

දීර්ඝ කාලයක් තිස්සේ ගම්පහ මහාධිකරණය හමුවේ විභාග කෙරුණු මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම අද පෙරවරු 10.00 ට ආරම්භ කෙරුණු අතර එය දහවල් 12.00 දක්වා පැය 02ක කාලයක් තිස්සේ සිදු කෙරිණි.

එසේම මෙම තීන්දුවට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා තීරණය කරන්නේ නම් ඊට තිබෙන සියලුම ඉඩ ප්‍රස්ථාවන් ද මෙම නඩු තීන්දුව මගින් අවහිර කර ඇති බවයි විත්තියේ නීතීඥවරුන් ප්‍රකාශ කළේ.

ඒ අනුව අද දිනයේදී ගම්පහ මහාධිකරණය විසින් ඉතාම සවිස්තරාත්මක පිටු 98කින් යු​තු නඩු තීන්දුවක් ප්‍රකාශයට පත්කර ඇති බව සඳහන්.

RN

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rebuilding Sri Lanka:අඟුණකොළපැලැස්ස බන්ධනාගාර නිලධාරීන්ගෙන් සහ රැඳවියන්ගෙන් පරිත්‍යාගයක්!

කොළඹ LNW: අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට...

ගුවන සෙලවෙයි

    නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: මැලිබන් කුසලාන ජාතික රග්බි...

ධන කුවේරයන්ගෙන් හිනි පෙත්තටම යන රටවල්!

සටහන – පුලී දෙසැම්බර් 20, කොළඹ (LNW):  බිලියනපතියන්ගේ ධනයෙහි ගෝලීය...

ණය සඳහා ඉල්ලුම් කිරීමෙන් පමණක් කර්මාන්ත ගොඩගන්න බැහැ – මූල්‍ය කළමනාකරණය ගැන හිතුවාද?

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:අපදාවෙන් විපතට පත් කර්මාන්තකරුවන්...