මල්වානේ නඩුව : නඩු ගාස්තු ගෙවීමටත් රජයට නියම වෙයි. අභියාචනයටත් ඉඩක් නෑ ?

Date:

මල්වාන ප්‍රදේශයේ සුවිසල් නිවසක් ඉදිකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට සහ කෝටිපති ව්‍යාපාරික තිරුකුමාර් නඩේෂන් මහතාට එරෙහිව ගොනුකර තිබුණු නඩුවෙන් ඔවුන් දෙදෙනා අද (03) දිනයේදී නිදොස්කොට නිදහස් කෙරුණු අතර එම තීන්දුවෙන් නඩු ගාස්තු ද ඔවුන් වෙත ගෙවන ලෙස රජයට නියම කර ඇති බව වාර්තා වේ.

දීර්ඝ කාලයක් තිස්සේ ගම්පහ මහාධිකරණය හමුවේ විභාග කෙරුණු මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම අද පෙරවරු 10.00 ට ආරම්භ කෙරුණු අතර එය දහවල් 12.00 දක්වා පැය 02ක කාලයක් තිස්සේ සිදු කෙරිණි.

එසේම මෙම තීන්දුවට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා තීරණය කරන්නේ නම් ඊට තිබෙන සියලුම ඉඩ ප්‍රස්ථාවන් ද මෙම නඩු තීන්දුව මගින් අවහිර කර ඇති බවයි විත්තියේ නීතීඥවරුන් ප්‍රකාශ කළේ.

ඒ අනුව අද දිනයේදී ගම්පහ මහාධිකරණය විසින් ඉතාම සවිස්තරාත්මක පිටු 98කින් යු​තු නඩු තීන්දුවක් ප්‍රකාශයට පත්කර ඇති බව සඳහන්.

RN

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තිදෙනෙකුට ජීවිත අහිමි කළ මාරක රිය අනතුර!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: අද (08) සවස,...

ඉන්දියාව සහ මැලේසියාව අතර ශක්තිමත් සබදතාවක් !

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර...

“නඩු අත්හැරීමේ කතා අසත්‍යයි” – නීතිපතිවරයාගෙන් දැඩි ප්‍රතික්ෂේපයක්

“නඩු අත්හැරීමේ කතා අසත්‍යයි” – නීතිපතිවරයාගෙන් දැඩි ප්‍රතික්ෂේපයක්

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...