ආශිකා බ්රාහ්මණ
කොළඹ LNW:රටේ අවශ්යතාවය මත සහල් ආනායනය කිරීම පිළිබඳ සලකා බලන අතර සම්බා සහ කීරි සම්බා සහල්වලට ආදේශක සහල් මෙට්රික්ටොන් 120,000 ක් අප්රේල් මාසයේදී ආනයනය කර ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්ය වසන්ත සමරසිංහ මහතා පවසා ඇත.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපාකාර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්යාංශයීය උපදේශක කාරක සභාවේදී අදහස් දක්වනමින් වසන්ත සමරසිංහ අමාත්යවරයා මේ බව සඳහන් කර තිබේ.
වී සහල් බවට පත්කිරීම සහ අල මිලදී ගැනීමේ ක්රියාවලියට සමූපාකාර තොග වෙළෙඳ සංස්ථාව මැදිහත් වී ඇති බවද අමාත්යවරයා මෙහිදී ප්රකාශ කර ඇත.
එමෙන්ම අල කිලෝ ග්රෑම් 1ක් රුපියල් 220ක මුදලකට මිලදී ගෙන ඒවා සතොස මඟින් අලෙවි කිරීමට නියමිතව ඇති අතර වී වේලීම, ගබඩා කිරීම ඇතුළු පහසුකම් රැසක් වැඩිදියුණු කිරීම සඳහා සමූපාකාර තොග වෙළෙඳ සංස්ථාව මඟින් රුපියල් මිලියන 1,000ක මුදලක් වෙන්කර ඇති බවද එහිදී අනාවරණ වී තිබේ.


