පොසොන් පුර පසළොස්වක පොහොය අදයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩමකිරීම සිදුවූ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය අදට (03) යෙදී තිබෙනවා.

ශ්‍රී ලංකාද්වීපයට බුද්ධාගම ලැබුණු දිනය අද නිසා , පොසොන් පොහොය දිනය බෞද්ධ ජනතාවට විශේෂ වැදගත් වේ.

මහින්දාගමනය සිදුවීමෙන් පසු මෙරට ආගමික, සංස්කෘතික, සමාජයීය හා අධ්‍යාපනික අංශ මෙන්ම ශිල්ප ශාස්ත්‍රයන්ගේ නව ප්‍රබෝධයක් ඇතිවූ අතර  සියලු බෞද්ධාගමික  ජනතාව සැදැහැවතුන් බවට පත්වීමට ඉවහල් වූයේ ද මිහිදුමාහියන්ගේ වැඩමවීමෙන් පසුවයි .

දඹදිව අධිරාජයා වූ ධර්මාශෝක රජුගේ පුත් මහින්ද මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් උත්ථිය, ඉත්ථිය, සම්බල, භද්දසාල, සුමන සාමණේර හා භණ්ඩුක උපාසක යන පිරිස ලංකාද්වීපයේ මිහින්තලාවට පිවිස එවකට රජව සිටි දේවානම්පියතිස්ස රජු හා සිදුකළ අඹ පැනයේ සංවාදයෙන් පසුව දේශනා කළේ චුල්ලහත්ථි පදෝපම සූත්‍රයයි.

අද දවස පුරා සහ මෙම දින කිහිපය තුළ මෙරට බෞද්ධයෝ පොසොන් පොහොය දින සිල් සමාදන් වීම, පිංකම්, පෙරහර පැවැත්වීම, දන්සල් ආදි ආමිස හා ප්‍රතිපත්ති පූජාවල නිරත වීම සිදු කරනු ලබනවා.

මිහිඳුමාහිමියන් වැඩම කළ මිහින්තලා පුදබිම තුළ පොසොන් කළාපය ලෙස නම් කර ඇති අතර ආලෝක පූජා , දහම් දෙසුම් ඇතුළු මහා පුණ්‍යකර්ම රැසක් සිදුවනු ඇත. සැදැහැවත් ජනතාව දහස් ගණන් එය වැදපුදා ගැනීමට මිහින්තලා පුදබිම වෙත පැමිණෙමින් සිටින බව වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...

පෙබරවාරි 3 සිට ලෝක කුසලාන තරග බලන්න ටිකට් ගන්න තැන් වීවෘතයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...