*
Sunday, September 8, 2024
spot_img

Latest Posts

සුහුරු ගොවියා හා නව තාක්ෂණයෙන් සවිබල ගැන්වූ ගොවියා බිහි කරන යුගය ආරම්භ කරනවා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන – රුවන් නෙළුගොල්ල

මඩ සෝදා ගත් කල ගොවියා රජකමට සුදුසු වුවත් අද සිදු වන්නේ වී ගොවියාගේ වී ටික කුණු කොල්ලයට මුදලාලිට ලබා දී මුදලාලිලා රජ කරන යුගයක් බිහි වීම බවත් මේ ඒකාධිකාරය බිඳ දමා ගොවියාට සුබවාදී සෞභාග්‍ය සම්පන්න වර්තමානයක් හා අනාගතයක් නිර්මාණය කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එසේම වත්මන් රජය බදු නොගෙවූ කූඨ ව්‍යාපාරිකයන්ගේ ණය, බොල් ණය ලෙස කපා හරින යුගයක් නිර්මාණය කර ඇති බවත් රජය එසේ කූඨ ව්‍යාපාරිකයන් ආරක්ෂා කළත් සමගි ජන බලවේගය සිටින්නේ උග්‍ර පොහොසතුන්ගේ පැත්තේ හෝ කූඨ ව්‍යාපාරිකයන්ගේ පැත්තේ නොව ගොවියාගේ හා සාමාන්‍ය ජනතාවගේ පැත්තේ බැවින් සමගි ජන බලවේග රජයක් තුළ කූඨ ව්‍යාපාරිකයන්ගේ බොල් ණය නොව ගොවියාගේ වගා ණය කපා හැර ගොවියා සුරක්ෂා කරනා බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පෙරේදා (02) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තලේ නගරයේදී පැවැති සමගි ජන බලවේගයේ ගොවිජන සමුළුව අමතමිනි.

ලෝකයේ කෘෂිකර්මාන්තය දියුණු වෙද්දීත් අප රටේ ගොවියා දිනෙන් දින දුප්පත් වන බවත් එයට බලපා ඇති ප්‍රධාන හේතුව වන්නේ කෘෂිකර්මාන්තයට අදාළව විශාල ප්‍රමාණයක් දෙපාර්තමේන්තු, රාජ්‍ය ආයතන හා නිලධාරීන් සිටියත් ඒ සඳහා නිසි ජාතික ප්‍රතිපත්තියක් නොමැති වීම බවත් සමගි ජන බලවේග රජයක් තුළ රටේ කෘෂිකර්මාන්තය දියුණු කිරීමට විශේෂිත ජනාධිපති කාර්ය සාධන බලකායක් ඇති කර දිස්ත්‍රික් මට්ටමින්, ගොවිජන කේන්ද්‍ර හා සංවිධාන මට්ටමින් ගොවියා දියුණු කිරීමට නායකත්වය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ගොවි ජනතාවට ඇති ගොවි බිමෙන් ලබා ගන්නා නිෂ්පාදනය හා ඵලදායිතාව වැඩි කරන බව පැවසූ විපක්ෂ නායකවරයා ගුණාත්මකභාවයෙන් ඉහළ නිෂ්පාදන ඵලදායිතාවක් ඇති කර ගොවි නිෂ්පාදන රටේ පරිභෝජනයට යොදා ගන්නා සේම අපනයන වෙළෙඳපොළ දක්වා ගෙන ගොස් කෘෂිකර්මාන්තයේ නියැලෙන ගොවි ජනතාවට අපනයන කේන්ද්‍රීයව ආදායම් හරහා ඩොලර් උත්පාදනය කළ හැකි පරිසරයක් නිර්මාණය කරනා බවත් කීය.

පාසල් පද්ධතියට සුහුරු පාසල් සංකල්පය හඳුන්වා දෙනවා සේම කෘෂිකර්මාන්තයට සුහුරු ගොවියා හා නව තාක්ෂණයෙන් සවිබල ගැන්වූ ගොවියා බිහි කරන යුගය ආරම්භ කරනා බවත් වී ගොවිතැනට මෙන්ම සමස්ත ගොවිතැනට ලබා දෙන යෙදවුම් උසස් මට්ටමින් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා එහිදී ප්‍රකාශ කළේය.

මහා අස්වැන්න එකවර වෙළෙඳපොළට දමා මිල වට්ටවා ගන්නේ නැතිව ගොවි ජනතාවට සාධාරණ මිලක් හා පාරිභෝගිකයාට සාධාරණ මිලක් ලබා දීමට අවශ්‍ය නිසි ගබඩා පහසුකම් ඇති කරනා බවත් මීට අමතරව ඩ්‍රෝන තාක්ෂණය උපයෝගී කර ගෙන තෙල් ඉසීමේ වැඩපිළිවෙළක් මෙන්ම තමන්ගේ දුරකථනයට වගා උපදෙස් ලැබෙන හා අස්වනු අලෙවි කල හැකි පොදු කෘෂිකාර්මික යෙදවුමක් නිර්මාණය කරනා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ගොවියාට ප්‍රාග්ධනයට අවශ්‍ය නිසි ප්‍රවේශය ලබා ගැනීමට මූල්‍ය පහසුකම් සහිත බැංකු පද්ධතියක් නිර්මාණය කරනා බවත් ඊට අමතරව අලි මිනිස් ගැටුම අවම කිරීමට ජාතික ඉඩම් පරිහරණ උපයෝගීතා සැලසුමක් සකස් කර නව වැඩපිළිවෙළක් ඇති කිරීම සිදු කරන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ, වගා හානියට වගා රක්ෂණ ක්‍රම මෙන්ම දේපල හානියට නව රක්ෂණ ක්‍රම ඇති කර ගොවියා සවිබල ගන්වන බවත් ය.

මෙම සමුළුවේදී ත්‍රීකුණාමලය නගර සභා මන්ත්‍රීවරියක් මෙන්ම නැගෙනහිර පළාත් සභාවේ උප සභාපතිවරිය ලෙසත් නැගෙනහිර පළාත් සභාවේ වනිතා කටයුතු ළමා ආරක්ෂක මහාමාර්ග ඉඩම් පළාත් පෙර පාසල් සංවර්ධන, සංස්කෘතික කලා කටයුතු අමාත්‍ය, එක්සත් ජනතා නිදහස් සංධානයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ත්‍රීකුණාමලය ආසන සංවිධායක ලෙස කටයුතු කළ ආරියවතී ගලප්පත්ති මහත්මිය ඇතුළු පිරිසක් සජබට එක්වූහ.

එසේම හිටපු අමාත්‍ය M.K.D.S. ගුණවර්ධන මහතාගේ පුත් සේරුවිල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක නලින් ගුණවර්ධන මහතා, කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති මෙන්ම ශ්‍රීලංනිප සහ පොහොට්ටු සංවිධායක ASM සාජිත්, කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී MI සලීම්, කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ හිටපු සන්ධාන මන්ත්‍රී එස්. පරමේශ්වරම් මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන සංසදයේ සභාපති ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී සීතා රංජනී මහත්මිය ද සමගි ජන බලවේගය හා එක්වූහ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan