ආපදා තත්ත්වය ගැන අලුත් වූ නිවේදනය!

Date:

කොළඹ LNW: පවතින අයහපත් කාළගුණය හේතුවෙන් දැනට ගිං ගඟ ද්‍රෝණියේ පවතින ගංවතුර තත්ත්වය තවදුරටත් සුළු වශයෙන් වැඩිවෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම ගංගා ද්‍රෝණියේ පහළ ප්‍රදේශවල ඇතැම් ස්ථානවලින් ගං වතුර තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බැවින් අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 48ක කාලය දක්වාම දීර්ඝ කර තිබේ.

ඒ අනුව එම ගංගා ද්‍රෝණියේ පහළ ප්‍රදේශවල අවදානම් සහිත ප්‍රදේශයන්හි ජනතාව අවධානයෙන් සිටින ලෙසත් ඒ ආසන්න මාර්ග භාවිතා කිරීමේදීද සැලකිලිමත් වන ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

ගිං ගඟේ ජල මට්ටම ඉහළ යාම නිසා තවලම, නෙළුව,නාගොඩ, බද්දේගම යන ප්‍රදේශවලට ගංවතුර තත්ත්වය ඇතිවිය. ඉන් වැඩිම බලපෑම තවලම හා නෙළුව යන ප්‍රදේශවලට එල්ල විය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති රිමාන්ඩ්!

කොළඹ LNW:අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට...

වසර 10,000කට පසු සක්‍රීය වූ ඉතියෝපියාවේ Hayli Gubbi හේතුවෙන් ගුවන් ගමන් රැසක් අඬාල වෙයි!

සටහන – පුලී නොවැම්බර් 25, කොළඹ (LNW): වසර 10,000කට පසු...

සේවක අර්ථසාධක අරමුදලට අලුත් වැඩක්!

කොළඹ LNW:සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් නව ඩිජිටල්කරණ පද්ධතියක් හඳුන්වා...

විභාග අක්‍රමිකතාවක් පිළිබදව තොරතුරක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW: අද (25) පැවති කැබිනට්...