මියන්මාරයෙන් රුසියාවට ගිය සජබ මන්ත්‍රී කණ්ඩායම රුසියාවේ රෝහල්ගත ලාංකික සොල්දාදුවන්ගේ සුවදුක් විමසයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජුනි 04 , කොළඹ (LNW): සමගි ජන සන්ධානයේ මන්ත්‍රීවරුන් වන නීතිඥ වසන්ත යාපාබණ්ඩාර, ජේ.සී. අලවතුවල සහ සුජිත් සංජය පෙරේරා යන මන්ත්‍රීවරුන් ඊයේ(03) දින රුසියාවේ මොස්කව් නුවරට කිලෝමීටර 800ක් ඈතින් පිහිටි සෙන් පීටර්ස්බර්ග් නුවර S.M Kirov Military Medical Academy රෝහල වෙත ගොස් ප්‍රතිකාර ලබන ශ්‍රී ලාංකික සොල්දාදුවන්ගේ සුවදුක් විමසා බැලූ බව පැවසේ.

රුසියානු යුක්රේන යුද්ධයට මැදිව සිටින ශ්‍රී ලාංකික සොල්දාදුවන් පිළිබඳව එම මන්ත්‍රීවරුන් කළ සොයාබැලීමේදී සොල්දාදුවන් 5ක් පමණ අතුරුදහන් වී හෝ මියගොස් ඇති බවත්, නිවෙස් සමඟ සම්බන්ධතා නොපවත්වන 70කට ආසන්න ප්‍රමාණයක්ද සිටින බවත් හඳුනාගෙන ඇත. ඊට අමතරවම රුසියානු යුක්රේන යුද්ධයේ ඉදිරිපෙළ සටන් වලදී තුවාල ලබා රෝහල්ගත කළ සොල්දාදුවන් 10ක් පිළිබඳවත් තොරතුරු සොයාගෙන ඇත. තවදුරටත් යුද කඳවුරු වල හෝ යුදභූමියේ සිටිනවා යැයි සිතන 220ක ප්‍රමාණයක් පිළිබඳව තොරතුරු සොයාබැලීමට මෙම මන්ත්‍රීවරුන් උත්සාහ දරා ඇත.

මෙහිදී රුසියාවට රැගෙන ආ සොල්දාදුවන් වෙත ගිවිසුම්ගතව ප්‍රකාශ කළ වැටුප් නොගෙවීම, වන්දි නොගෙවීම ආදී පහසුකම් කඩකිරීම යටතේ, අසාධාරණයට ලක්වූ සොල්දාදුවන් වෙත අවශ්‍ය සහන ලබාදීමට මැදිහත් වන ලෙසද මන්ත්‍රීවරුන් පිරිස විශේෂයෙන් ඉල්ලීම් කර ඇත.

තවද සොල්දාදුවන් 220ක තොරතුරු ඇතුලත් වාර්තාවක් රුසියාවේ සෙන් පීටර්ස්බර්ග් කොන්සල් ජනරාල්වරයා වන Zakharian Vagram වෙත භාර දුන්නේය. ඒ අනුව ඔවුන් ඉල්ලා ඇත්තේ මෙම සොල්දාදුවන්ගේ ගැටළු විසඳා ශ්‍රී ලංකාවට නැවත ඒමට කැමැත්ත පළ කර ඇති අයට ඒ සඳහා අවස්ථාව ලබාදෙන ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතු බලකොටුව ආසන්නයේ පිපිරීමට හේතුව?

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ (10) දින...

අළු බඳුනට පෙර බොතම් සහ චැපල් අදහස් දක්වයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 11, කොළඹ LNW: ලෝකයේ වැඩිම අවධානයක් දිනා...

ආයෝජන ආරක්ෂණය සඳහා නව පනතක්!

කොළඹ LNW:ආයෝජන ආරක්ෂණ පනතක් හදුන්වා දීමට රජය තීරණය කර...

බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනය කාර්යක්ෂම සහ විධිමත් කිරීමේ...