මියන්මාරයෙන් රුසියාවට ගිය සජබ මන්ත්‍රී කණ්ඩායම රුසියාවේ රෝහල්ගත ලාංකික සොල්දාදුවන්ගේ සුවදුක් විමසයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජුනි 04 , කොළඹ (LNW): සමගි ජන සන්ධානයේ මන්ත්‍රීවරුන් වන නීතිඥ වසන්ත යාපාබණ්ඩාර, ජේ.සී. අලවතුවල සහ සුජිත් සංජය පෙරේරා යන මන්ත්‍රීවරුන් ඊයේ(03) දින රුසියාවේ මොස්කව් නුවරට කිලෝමීටර 800ක් ඈතින් පිහිටි සෙන් පීටර්ස්බර්ග් නුවර S.M Kirov Military Medical Academy රෝහල වෙත ගොස් ප්‍රතිකාර ලබන ශ්‍රී ලාංකික සොල්දාදුවන්ගේ සුවදුක් විමසා බැලූ බව පැවසේ.

රුසියානු යුක්රේන යුද්ධයට මැදිව සිටින ශ්‍රී ලාංකික සොල්දාදුවන් පිළිබඳව එම මන්ත්‍රීවරුන් කළ සොයාබැලීමේදී සොල්දාදුවන් 5ක් පමණ අතුරුදහන් වී හෝ මියගොස් ඇති බවත්, නිවෙස් සමඟ සම්බන්ධතා නොපවත්වන 70කට ආසන්න ප්‍රමාණයක්ද සිටින බවත් හඳුනාගෙන ඇත. ඊට අමතරවම රුසියානු යුක්රේන යුද්ධයේ ඉදිරිපෙළ සටන් වලදී තුවාල ලබා රෝහල්ගත කළ සොල්දාදුවන් 10ක් පිළිබඳවත් තොරතුරු සොයාගෙන ඇත. තවදුරටත් යුද කඳවුරු වල හෝ යුදභූමියේ සිටිනවා යැයි සිතන 220ක ප්‍රමාණයක් පිළිබඳව තොරතුරු සොයාබැලීමට මෙම මන්ත්‍රීවරුන් උත්සාහ දරා ඇත.

මෙහිදී රුසියාවට රැගෙන ආ සොල්දාදුවන් වෙත ගිවිසුම්ගතව ප්‍රකාශ කළ වැටුප් නොගෙවීම, වන්දි නොගෙවීම ආදී පහසුකම් කඩකිරීම යටතේ, අසාධාරණයට ලක්වූ සොල්දාදුවන් වෙත අවශ්‍ය සහන ලබාදීමට මැදිහත් වන ලෙසද මන්ත්‍රීවරුන් පිරිස විශේෂයෙන් ඉල්ලීම් කර ඇත.

තවද සොල්දාදුවන් 220ක තොරතුරු ඇතුලත් වාර්තාවක් රුසියාවේ සෙන් පීටර්ස්බර්ග් කොන්සල් ජනරාල්වරයා වන Zakharian Vagram වෙත භාර දුන්නේය. ඒ අනුව ඔවුන් ඉල්ලා ඇත්තේ මෙම සොල්දාදුවන්ගේ ගැටළු විසඳා ශ්‍රී ලංකාවට නැවත ඒමට කැමැත්ත පළ කර ඇති අයට ඒ සඳහා අවස්ථාව ලබාදෙන ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...