ගණේමුල්ල සංජීව ඝාතනයේ වෙඩික්කරු හඳුනාගැනීමේ පෙරට්ටුවට!

Date:

රෂිකා හෙන්නායක ජුනි 04, කොළඹ LNW :

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින වෙඩික්කරු යැයි කියන සමිඳු දිල්ෂාන් පියුමංග නැමති සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති හඳුනා ගැනීමේ පෙරට්ටුවකට අද ඉදිරිපත් කළ බව වාර්තා වේ.

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මෙම සැකකරු දැඩි ආරක්ෂක විධිවිධාන මැද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණු අතර, එහිදී හඳුනා ගැනීම සඳහා සාක්ෂිකරුවන් දෙදෙනෙකු ඉදිරිපත් කළ අතර ඔවුන් විසින් සැකකරු හඳුනා නොගත් බව වාර්තා වේ.

ඉන් අනතුරුව මෙම සැකකරු දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මියගේ නිල මැදිරියට ඉදිරිපත් කෙරුණ බව පැවසේ.

එහිදී මහේස්ත්‍රාත්වරිය විසින් නියම කර ඇත්තේ, සැකකරු මේ මස 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

එදින මෙම සැකකරු අන්තර්ජාල තාක්ෂණය මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමට ද නියම වූ බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීලයේ ෆවෙලාහි හදීසි වැටලීමකින් පුද්ගලයන් 64ක් ජිවිතක්ෂයට; 81ක් දෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රසීලයේ රියෝ...

පියල් මනම්පේරිට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස්...

ටිල්වින් සිල්වාට ආරක්ෂාව දෙන්නේ එයත් පාතාලේද?

කොළඹ LNW: බලය ලබා ගැනීමට පෙර පැවසුවේ ආරක්ෂාව අවශ්‍ය...