පැල්වත්ත සීනි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ඉල්ලා අස්වෙයි !

Date:

පැල්වත්ත සීනි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නුවන් ධර්මරත්න මහතා එම තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

ඒ අනුව, තමන් ලබන 27 වනදා සිට සේවයෙන් ඉල්ලා අස්වන බවයි ඔහු කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාට ලිඛිතව දැනුම් දී ඇත්තේ.

තම පෞද්ගලික ෆේස්බුක් ගිණුමෙහි පළ කළ ප්‍රකාශිතයක් හේතුවෙන් තනතුරෙන් ඉවත් වන ලෙස අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා කළ දැනුම් දීමකට අනුව තමන් ඉල්ලා අස්වන බව ඔහු සිය ලිපියෙහි සඳහන් කර ඇත.

නුවන් ධර්මරත්න මහතා පැල්වත්ත සීනි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා වශයෙන් පත්වූයේ 2024 වසරේ විජිත හේරත් මහතා කර්මාන්ත අමාත්‍ය ධුරය දැරූ සමයේදී ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හසීනාගේ පාලනයෙන් පසු බංග්ලාදේශයේ පැවැත්වෙන පළමු ජාතික ඡන්ද විමසීම අද

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ හිටපු අගමැතිනි...

ජවිපෙ ප්‍රධාන ලේකම් සහ කේරළ ප්‍රාන්තයේ මහ ඇමති අතර හමුවක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, කොළඹ LNW : සංස්කෘතික සබඳතා පිළිබඳ...

සුබ උපන් දිනක් සිහින කුමරුනි….

හද මත ගීත ටජ්මහලක් තැනූවයිඑහි සිට මධුර ස්වරයෙන් පෙම...

ඉරානය සිය මිසයිල හැකියාවන් සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමඟ සම්මුතියකට එළඹීම ප්‍රතික්ෂේප කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සිය මිසයිල...